Pending Orders යෙදීම Lesson - 09
හෙට පටන් මේ බ්ලොග් එකට ලිපි ලියන්න "Source Code" කියල තවත් යාලුවෙක් එකතු වෙනවා.
අද අපි බලමු forex කරද්දී අපට අතවශ්‍යම වන කොටසක් වන pending Orders ගැන
Forex කරන කොට අපිට පැය 24 ම PC එකේ chart බලාගෙන ඉන්න බැනේ. එහෙම
කරන්න ඕනෙත් නැහැ. මේ Pending Orders දාල අපිට ඉස්සරහට වෙන්න තියන price
Movment එකකට Buy & Sell Orders දාන්න පුළුවන්. තේරුනේ නැහැ නේද ?
අපි උදාහරණයක් බලමු.
මේ වෙනකොට EUR/USD = 1.2500 ඉස්සරහට මේ
Price එක 1.2520 වෙනස් වෙනකොට ලොකු beer Trend එකක් කියන්නේ මුදලේ
අගය අඩුවීමක් වෙයි කියල ඔබ හිතනවා නම් ඔබට කරන්න තියෙන්නේ 1.2520 ට Sell
Stop එකක් දාන එක විතරයි. එතකොට ඔබ පරිගණකය ක්‍රියාත්මක කර තිබුනත්
නැතත් 1.520 වෙද්දී order එකක් වැටෙනවා.
Pending Orders දාන්නේ කොහොමද ?
Meta Trader 4 වල New Order click කර අදාල Window එක Open කරගන්න.
දැන් පහත රුපයේ පරිදි menu එකක් ඔබට ලැබේවි
එහි type වලින් pending Orders Select කර ගන්න.
දැන් ඔබට Option හතරක් ලැබේවි. buy stop , Buy limit Sell Stop , Sell Limit
Buy stop & Buy Limit
buy stop යෙදිය යුත්තේ ඔබ භාවිතා කරන Currency pair එක පහලට පැමිණීමේදී
මිලදී ගැනීමට වේ Buy limit යෙදිය යුත්තේ currency pair එක පහල සිට
ඉඅහලට පැමිණීමේදී මිලදී ගැනීමට වේ.
උදාහරණ - EUR/USD වල Price එක දැන් 1.2000
ඔබ හිතනවා මේක 1.2200 දක්වා ඉහල ගියොත් තව බොහෝ දුර ඉහල යයි කියල. ඔබට
කරන්න තියෙනේ Buy Stop Order එකක් 1.220 දාන එක.
EUR/USD වල Price එක දැන් 1.2500 ඔබ
හිතනවා මේක 1.2400 දක්වා පහල ගියොත් ලොකු Uptrend එකක් එයි කියල . ඔබට
කරන්න තියෙනේ Buy Limit Order එකක් 1.2400 දාන එක.
Sell Stop & Sell Limit
EUR/USD වල Price එක දැන් 1.2100 ඔබ හිතනවා
මේක 1.2000 දක්වා පහල ගියොත් තව බොහෝ දුර පහල යයි කියල. ඔබට කරන්න
තියෙනේ Sell Stop Order එකක් 1.2000 දාන එක.
EUR/USD වල Price එක දැන් 1.2300 ඔබ හිතනවා
මේක 1.2350 දක්වා ඉහල ගියොත් Down Trend එකක් එයි කියල. ඔබට කරන්න
තියෙනේ Sell Limit Order එකක් 1.2350 දාන එක..
මේ සම්බන්ධයෙන් මොකක් හරි ප්‍රශ්නයක් තියනවා නම් comment එකකින් අහන්න.
Next Lesson - Forex හි මුදල් යෙදවිය යුතු වේලාවන් සහ නොයෙදිය යුතු වේලාවන් From "Source Code "
No comments:
Post a Comment