Saturday, January 14, 2017

best brokers 2017

Real account හදනකොට බොරු details දාන්න එපා . සල්ලි withdrawal  කරන්න ගියහම case වෙනවා ඒ නිසා  බලල හරි details 
 දෙන්න.

01

       





                                                                            02

https://www.usgfx.com/




03




 

04


Tuesday, September 6, 2016

LESSON 13ක් ඇති පහලට කියවන්න ...

අවවාදයයි : Forex වලට උනන්දු අයට විතරයි!


මේ දවස් වල Internet එකේ කරක් ගැහුවොත් Forex ගැන ලියවුන Site සෑහෙන්න තියෙනවා. ඒ අතරින් සිංහෙලෙන් Forex ගැන කියලා දෙනවා කියන Site එහෙමත් බර ගානක් තියෙනවා. ඒත් ඒ හැම එකකම නිකක් කිසිම වැඩකට නැති Article දෙකක් තුනක් දාලා වැඩිදුර ඉගෙන ගන්න ඕන නම් එයාලා මෙහෙයවන පංතියට එන්න කියනවා.


මගේ යාලුවෙක්ටත් මරු වැඩක් වෙලා. මං මිනිහට කිව්වා Forex සීන් එක ගැන. මේ ගැන මිනිහටත් ආස හිතිලා. මට දවසක් කිව්වා පොඩ්ඩක් කියලා දෙන්න කියලා. ඒත් වැඩ වැඩි නිසාම මටත් ඕක එහෙමම අමතක වෙලා ගියා. ඔන්න මිනිහා මොකක්ද සයිට් එකකින් දැකලා ෆොරෙක්ස් සිංහලෙන් උගන්නන පංතියක් ගැන. ඉතින් පොර ඕකට ගිහින් රුපියල් 5000 ක් දීලා.


පුදුමේ කියන්නේ මේ Class එක කරපු එකා උදේ 8 ට පටන් අරන් හවස 5 වෙනකොට ෆොරෙක්ස් A to Z කියලා දීලා. මටත් මේ ගැන ඉගෙන ගන්න මාස 9 වගේ ගියා. තාමත් ගොඩක් Strategy ගැන දන්නෙත් නෑ. ඒත් මගේ යාලුවා කියනවා ඌ ගින්දර වගේ හැම දේම දවසින් කියලා දුන්නලු. මං ඇහුවා මොනාද කියලා දුන්නේ කියලා. මිනිහා කියපුවා අහලා මට බඩ අල්ලගෙන හිනා.


මිනිහා කියනවා පොඩි Lecture එකක් දීලා උන්ව ඊටාරා කියලා (eToro කියන එකට තමයි මූ ඊටාරා කියන්නෙ) සයිට් එකක රෙජිස්ටර් කරාලු. ඒ සර් Forex ගැන Expert කෙනෙක් නිසා ඒ සර්ට පුලුවන් උනාලු මුන් ටිකට $10,000 වටින Account හදලා දෙන්න. (මේ කියන්නේ Demo Account එක ..:: හික්ස් ::..) ඔන්න ඊට පස්සේ මුන්ට Trade කරන හැටි කියලා දීලා. මුලින්ම Demo එකෙන් Buy Trade එකක් දාන්න කියලා. ඒ ගමන්ම Sell Trade එකකුත් දාන්න කියලා. ඔන්න දැන් Buy Trade එක Profit වෙනකොට ඒක Close කරනවා.  එතකොට Sell Trade එක Loss නේ. තව ටිකකින් Sell Trade එක Profit උන ගමන් ඒක Close කරනවා. (ඔය කියලා දීලා තියෙන්නේ Hedging Technique එක ගැන)  ඔන්න පැයකින් විතර කට්ටියටම $100 වගේ Profit ලු. ඔන්න ඔයාල ඉගෙන ගත්තා Forex වල Trade කරන හැටි. දැන් ඔයාලට පුලුවන් සල්ලි දාල කරලා පැයෙන් ලොකු ගානක් හොයන්න කිව්වලු. තව අන්තිමට මෙහෙමත් කියලා. Forex is so Simple and Profitable කිව්වලු. ඔන්න ඔහොමයි Forex ගැන මගේ යාලුවා A to Z ඉගෙන ගෙන තියෙන්නේ.


මේ වගේ හොර පංතිවලට ගිහින් රු.5000 ඒවා කොයි තරම් නැති කරගත්ත කට්ටිය ඇතිද? අනික දැන් ෆොරෙක්ස් දන්නවා කියලා හිතාගෙන ඇත්තට සල්ලි දාලා ඒවා නැතිකරගත්ත අයත් කොච්චර ඇතිද?

Forex සිංහලෙන් ඉගෙනගමු -Lesson 1

Forex සිංහලෙන් ඉගෙනගමු -Lesson 1

න්තර්ජාලයේ මුදල් ඉපයීමේ සුපිරි රහස කියල ගොඩක් අය forex හඳුන්වන්නේ. මේ කතාවේ වැරැද්දකුත් නැහැ .

දැන් අපි බලමු මේ forex කියන්නේ මොකක්ද කියල , ඔයගොල්ලෝ අහල ඇති stock market ඒක ගැන . අන්න ඒ වගේ එකක් තමයි forex market ඒක කියන්නේ. වෙනස තියෙන්නේ stock market එකේ අලෙවි වන්නේ සමාගම් කොටස් උනාට forex market එකේ අලෙවි වන්නේ මුදල්. . එච්චරම පැහැදිලි නැහැ නේද ?
 forex කියන්නේ Forgien Exchange කියන වචන දෙකෙන් හැදුන තනි වචනයක් (  ලෝකේ තියන ලොකුම  market   ඒක තමයි Forex   කියන්නේ ). දැන් අපි බලමු forex trade කරන්නේ එහෙම නැත්නම් සල්ලි විකුනන්නේ කොහොමද කියල ? .
දැන් හිතන්න ඇමරිකන් ඩොලර් එකක මිල රුපියල් 100 කියල. අපි රුපියල් 1000 දීල අද ඇමරිකන් ඩොලර් 10ක් ගන්නවා . තව පැය කිහිපයකට පස්සේ ඒක පාරට ඇමරිකන් ඩොලර් එකක මිල රුපියල් 115 වෙනවා. එතකොට අපි කරන්නේ අපි ගාව තිබුන ඩොලර් 10 දීලා ඒවා ආයිත් රුපියල් බවට පත් කරගන්නවා. එතකොට අපිට ලැබෙන මුදල 115 * 10 = 1150 ඒ කියන්නෙ රුපියල් 150ක ලාබයක්. ඔන්න ඔය දේ තමයි අපි forex කියල කරන්නේ. මම හිතනවා forex ගැන දල අදහසක් ලැබුනා කියල.





.

දැන් කස්ටිය හිතනවා ඇති ක්‍රමය තේරුනාට මේකෙන් විශාල මුදලක් හොයන්න මුදලේ ලොකු වැඩිවීමක් සමග අප ආයෝජනය කලයුතු මුදල් ප්‍රමාණයත් වැඩිවිය යුතුයි. එහෙම නැත්නම් වැඩක් නැහැ කියල. බය වෙන්න එපා අපි ලොකු මුදලක් ආයෝජනය කරන්න ඕනේ නැහැ. අනිත් පාඩම් ටික යද්දී ඒක තේරෙයි

Forex Currencies - Lesson 2


Forex Currencies - Lesson 2

Forex  වල භාවිතා වන මුදල් එකක
අද අපි බලමු Forex වල භාවිතා වන මුදල් එකක මොනවද කියල. මගේ කලින් උදහරනයෙදි ගත්ත වගේ ලංකාවේ රුපියල් නම්   forex  වලදී භාවිතා වෙන්නේ නැහැ.
අපි Forex  වලදී භාවිතා කරන්නේ  currency pairs.   ඒ කියන්නේ  USD/CAD  කිව්වොත් ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව කැනේඩියානු ඩොලරය. ඒක හරියට මම ඉසෙල්ලා උදාහරණයේදී සඳහන් කල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ලංකාවේ රුපියල් වගේ තමයි

Ex - EUR/USD =  යුරෝ එකක් මිලදී ගැනීමට යන ඇමරිකන් ඩොලර් ගණන 


 forex  වලදී වැඩියෙන්ම භාවිතා වන මුදල් එකක තමයි 
US Dollar (USD)
 Japanese Yen (JPY)
 Euro (EUR)
 British Pound (GBP)
 Canadian Dollar (CAD)
 Australian Dollar (AUD)
 Swiss Franc (CHF)
forex  වල වැඩියෙන්ම භාවිතා වන  currency pairs
US Dollar and the Japanese Yen (USD/JPY)
 Euro and US Dollar (EUR/USD)
 US Dollar and Swiss franc (USD/CHF)
 British Pound and US Dollar (GBP/USD)
මිට අමතරව තව බොහෝ මුදල් ඒකක ( රත්තරන් , රිදී , ප්ලැටිනම් ද ඇතුළුව ) භාවිතා වනවා   forex  ් trade  කරන කොට ඒ ගැන  සම්පුර්ණයෙන් ් දැනගන්න පුළුවන් වෙයි

Leverage , Lots & Pips - Lesson 3

Leverage , Lots & Pips - Lesson 3


 අද අපි කතාකරන්න යන්නේ  forex  කරද්දී අත්‍යවශ්‍යම වෙන කොටසක් ගැනයි. 
 මේ කොටස හොඳින් දන ගැනීම ඉතා ප්‍රයෝජනවත් වෙනවා .  forex  වල ඇති  currency pairs  වල අපි වඩාත්ම අවධානය කල යුතු කොටස තමයි යම් කිසි  pair  එකක ඇති 3 වන සහ හතර වෙනි දශමස්තානය මේ හතර වෙනි දශම ස්ථානයට  අපි කියන්නේ pip  කියල. 
උදා -  EUR/USD = 1.4527    තවත් විනාඩියකට පසු  EUR/USD = 1.4521      මේ වගේ දෙයක් සිද්ධ උනාම අපි කියන්නේ EUR/USD  හි අගය  pip 6  කින් අඩු වෙලා කියල.  මම කියපු දේ තේරෙන්නේ ඇති කියල හිතනවා
 forex  වලදී මේ අන්තිම දශම ස්ථානය එහෙම නැත්නම්  pip  අගය ඉතා ඉක්මනින් වෙනස් වෙනවා. මෙහි වෙනස් වීමේ අගය මත තමයි ඔබ මුදල් උපයා ගැනීමත්  තීරණය කල හැක්කේ. 

එත් මේ  pip  එකක වෙනස් වීම මත මුදල් උපයා ගන්න අපි විශාල මුදලක් යොදවන්න ඕනේ නේද ?  උදාහරණයක් ලෙස අපි ඇමරිකන් ඩොලර් 100 ආයෝජනය කලයි සිතමු   EUR/USD  = 1.4105   සිට 1.4115 අගය වැඩ වූ විට අපිට ලබාගත හැකි ලාබය ඉතාමත් සුළු අගයක්.  මේකට පිලියමක් වශයෙන් forex  වලදි අපිට ගැනු දෙනු කරන්න නිශ්චිත අගයන ටිකක් ලබාදි තිබෙනවා

Lot (Standard Lot)  100,000
Mini Lot         10,000
Micro Lot      1,000
Nano Lot       100
එතකොට  EUR/USD  Lot  එකක් මිලදී ගත්තා කියල හිතන්න.
EUR  ඒකට සාපේක්ෂව  USD  වල අගය 1.2150 නම්  අපි මිලදී ගෙන ඇති  USD  ප්‍රමාණය 1.2150 * 1000000 = 121500    

 Eur/Usd  වල අගය pip 10  කින් ඉහල ගියා   කියල  ඒ කියන්නේ  දැන්  EUR/USD = 1.2160     එවිට අපට ලැබෙන මුළු ලාභය = 121600 – 121500 = 100 $    නරක නැහැ ලාභය  
 එත් කාටහරි පුලුවන්ද  ඔච්චර වියදම් කරන්න ? පුළුවන් නම් අවුලක් නැහැ  එත් බැනේ ? 

අන්න එකට තමයි leverage  කියන ඒක තියෙන්නේ .  මොකක්ද මේ  levarage ? 
leverage  කියන්නේ  අපි ආයෝජනය කරන මුදල් ඊට වඩා වැඩි ගුනාකරයකින් වැඩි කර brokers  ල නැවත ආයෝජනය කිරීමයි. තේරුනේ නැහැ නේද ?   

අපිට Forex market  එකේ ගනුදෙනු කරන්න බ්‍රොකර්ස් ල ඕනේ වෙනවා. අපි කරන ගනුදෙනු  ඔක්කොම සිදු වෙන්නේ මේ  brokers  ල හරහා තමයි.  මේ සැම  broker  කෙනෙක්ම අපිට ලබාදෙන එක පහසුකමක් තමයි මේ  leverage  කියන ඒක. හිතන්න අපි ආයෝජනය කල මුදල 1$ කියල. එත් අපේ  broker   ඒ වෙනුවට 1000 $  යොදවනවා. අන්න ඒක තමයි  leverage  කියන්නේ. ඒක නිසා අපිට සුළු මුදලකින් ඉතා විශාල ලාභයක් ලබා ගත හැකියි. 
මේ  leverage  ඒක 1:1  සිට 1:1000   දක්වා වූ විවිධ පරාස වලින් ලබාගත හැකියි. 

මේ සම්බන්ධයෙන් තෙරුනේ  නැති දෙයක් තියනවා නම් Comment  එකකින් අහන්න  

Forex Trading ( basic) lesson 4

Forex Trading ( basic) lesson 4

මේ කොටසෙන් මම කියල දෙන්නේ යන්නේ  Forex  Trade   කරන්නේ කොහොමද කියන ඒක ගැන සරල අදහසක් විතරයි. අපිට තව ඉස්සරහට යනකොට තේරුම් ගන්න පුළුවන් වෙයි.  Market  එකේ ඉස්සරහට වෙන්න යන දේ ගැන දල අදහසක් ගන්න හැටි.  ඒ වගේම   තව market  එකේ ඉස්සරහට වෙන්න තියන දේ ගැන අපිම  predict  කරගන්නේ කොහොමද කියන එක  වගේ ගොඩක් දේවල්.

දැන් අපි බලමු අපි කොහොමද මේ  market  එකේ  trade  කරන්නේ ?  
Forex   market  එකේ  විතරක් නෙමෙයි ඕනෙම  market  එකක වෙන්න පුළුවන් දේවල් 2යි  තියෙන්නේ. එක්කෝ  price  ඒක ඉගල යන්න ඕනේ නැත්නම්  price  එල පහල යන්න ඕනේ.  එත්   Forex   market  ඒක  Stock market එකෙන්   වෙනස් වෙන  තැනක්  තියනවා . අපිට  stock market  එකේ සල්ලි හොයන්න පුළුවන් අපි ආයෝජනය කල කොටස් වල අගය ඉහළ යන විට පමණයි. එත්  Forex Market  එකේදී  එහෙම එකක් නැහැ.   මුදලේ අගය ඉහල ගියත් , පහල ගියත් අපිට  ලාබ ලබන්න පුළුවන්. 


මුදලේ අගය ඉහල යන විට    අපි ඒකට කියන්නේ  Bull Trend  එකක් කියල.

මුදලේ අගය පහල යන විට අපි ඒකට කියන්නේ  Bear Trend  එකක් කියල.


 ඕනෑම  currency pair  එකක තියනවා   Bid Rate & Ask Rate  කියල අගයන් දෙකක්. ඒ කියන්නේ ගැනුම් මිල හා විකිණුම් මිල   .  මේ අගයන්  දෙක අතර සුළු වෙනසක් තියනවා. ඒ තියන සුළු වෙනස තමයි.   broler  ගේ  profit  එක.  ( මෙහි ගැනුම් මිල යනු  broker  අපෙන් ලබා ගන්න මුදලවේ )

උදා -  EUR/USD bid rate  = 1.2562   නම්  Ask Rate = 1.2560   වගේ. ඒ කියන්නේ  අපි 1.2560  වෙද්දී  buy  order  එකක් දාල . ඒ වෙලාවෙම  close  කලොත්  order  එක  close  වෙන්නේ    අපිට  pip 2 ක් පාඩු වෙලා. අපි ඉස්සරහට  demo   account   එකෙන්  trade  කරද්දී  මේ ගැන තව තේරෙයි.    

  දැන්  අපි හිතමු  eur/usd  වල  bull trend එකක් තියෙන්නේ කියල. ඔයගොල්ලන්ට තියෙන්නේ  eur/usd යම් කිසි  ප්‍රමාණයක්   මිලදී ගන්න එකයි ( buy order).  ඒ වගේම  bear trend  එකක් තියනවා නම් කරන්න ඕනේ  Sell Order  එකක් දාන එකයි.
දැන් අපි බලමු අපිට ලාභය ලැබෙන්නේ කොහොමද කියල.
 මේ සියලුම අගයන්  broker  විසින් අපිට ගණනය කර දෙනවා. එත් මේක  දැන ගන්න එක හොඳයි.    

  Lot  එකක් කියන්නේ 100,000   කියල කිව්වා  ඔයාලට මතක  ඇති .   දැන් අපි හිතමු  bull trend  එකක් තියන වේලාවකදී .   Eur/Usd = 1.2563  විට   Eur/Usd mini lot 1ක්  buy  Order  එකක්  දැම්ම කියල.  (  leverage  එක 1:1000 )  . දැන්  මිනිත්තු කීපයකට පස්සේ   eur/usd = 1.2575  දක්වා අහල යනවා. එතකොට අපේ  profit  එක කීයද  ?
මුලින්ම බලමු  eur/usd lot  එකක්  ගන්න යන මුදල =  1.2563 * 10000 = 12563 $
( ගාන ටිකක් වැඩියි වගේ නේද ?   Leverage  එක අපේ පිහිටට එන්නේ මේ වෙලාවට )
 leverage  එක 1:1000  නිසා  අපිට  වැය කලයුතු මුදල වෙන්නේ = 12563 /1000 = 12.563 $ 
eur/usd = 1.2575  වූ විට අප මිලදී ගත් mini lot  එකේ වටිනාකම =  12575 $. දැන් අපි
දැන් බලමු අපේ ලාභය කොහොමද කියල.  12563 – 12575 = 12 $ .

ඔන්න ඔහොම තමයි   Forex  වලදී අපේ ලාභය තීරණය වෙන්නේ

. හෙට  අපි බලමු    demo account  එකකින්  trade  කරන්නේ කොහොමද කියල.