Using Meta Trader 4 Lesson 6

මෙම කොටස ඉතාමත් වැදගත් කොටසක්  , නොතේරුන යම් කිසි දෙයක් ඇත්නම්  Comment  එකකින් අහන්න. 
මීට පෙර පාඩමේදී අපි  meta trader 4  පාවිච්චි කරලා  Demo account  එකක් හදාගත්ත.  අද බලමු  meta trader 4  වල වැදගත්ම කොටසක් කිහිපයක් ගැන.


1. New Order 
මේකෙන් කරන්නේ අපි   market  එකේ තත්වය අනුව  buy order  එකක් හෝ  sell order  එකක් දැමීමට අදාළ  window  එක ඉදිරියට ගැනීමයි.   New Order  click   කල විට  ඔබට  Order window  එක දකින්න ලබෙචි. 


 Symbol -  ඔබට තෝරාගැනීමට අවශ්‍ය  currency pair  එක  තෝරාගත හැකියි. 

Volume -   ඔබට අවශ්‍ය  lot  ගණන  තෝරා ගත හැකියි. මෙය ඔබට  type  කිරීමද කල හැකි අතර එහිදී  lot 0.01 සිට -  lot 10  දක්වා පරාසයකට මිලදී ගත හැකියි. 

Stop Loss  , Take Profit  ,  Type  -  මේ ගැන ඉදිරියට  වෙනම  කතා කරනවා 

 දැන් ඔයාලට පේනවා ඇති  Sell   සහ  Buy   Orders  වලට ඉහළින අගයන් දෙකක් තියනවා.  ඒකෙන අදහස් වෙන්නේ Sell  කරනවා නම්  Sell  වෙන අගයත්  Buy  කරනවා නම්  buy වෙන අගයත්.  මේ දෙක අතර තියන වෙනස තමයි   broker  ගේ  Profit  එක.  ඒ වෙනසට අපි කියන්නේ  spread  කියල.  මෙතැනදී නම්  broker  ගේ  Spread  එක  pips 3  යි. 

2Expert Advisor

 මේක  web trading  වලින්  meta trader 4  වෙනස් වෙන තවත්   point  එකක්.   අපි ඉස්සරහට  expert advisers  හරියට පාවිච්චි කරන හැටි ගැන ඉගෙන ගන්නවා.  දැනට කෙටියෙන් මේක පැහැදිලි කරලා දෙන්නම්.   මේක නිකන්  software    එකක් වගේ. අපි  software  එක අරගෙන  Meta Trader  එකේ  දාල. මුකුත් නොකර තියන්නයි තියෙන්නේ. එතකොට එයාම   trades   open  කරලා  close  කරලා  profit   ගන්නවා. 

3.Chart Types 

 Bar Chart , Candlesticks , Line Chart   මේවා  click  කරලා බලන්න  6 න්  තියන  chart  එක වෙනස් වෙන හැටි.  එත් දැනට Candlesticks  වල chart  එක තියා ගන්න. 

4.Zoom Buttons 

 මේකෙන් කරන්නේ  chart  එක  Zoom  කරලා බලන එක 

5.Time Frames

 මේකෙන් අපිට එක එක කාලසීමාවන් වල  chart  වල සිදුවූ  වෙනස  බැලිය හැකියි. 

6  ගැන පසුවට කතා කරමු 
7. Currency Pairs 

ඔතනින් කැමති  pair  එකක් උඩ   right Click  කරලා  chart Window   click  කරල  බලන්න.   මද තියන  chart windows  වලට ඒ  chart  එක එයි. 

8. Navigator Window 

 ඔබගේ  account  එකේ විස්තර සහ ඔබට  forex   වල  භාවිතා කල හැකි  advanced tools  තියෙනේ මෙතන  මේ ගැන පසුවට කතා කරමු. දැනට මෙතන තියන කිසිම දෙයක්  chart  එකකට  attach  කරන්න එපා. 

9. Terminal Window

මෙතන ඔබගේ මුළු  profit  එක  , Open  කරලා තියන  trade  ගණන බලා ගන්න පුළුවන්.

6. Chart Windows 
මුලින්ම ඔතන තියන  EUR/USD    Chart Window  එකේ තියන  Maximize Button  එක  click  කරන්න .  දැන් F8  Click  කරන්න.  එහිදී එන   window  ඒකෙන්  පහත  ආකාරයට  Settings  වෙනස් කරගන්න. 


Bar Up - Blue 

Bar Down - Red 

Bull Candle - Blue 

Beer Candle - Red 


කැමති නම අනිත්  charts  වලත් මේ ආකාරයට  settings  වෙනස් කරගන්න. 

දැන් ඔබට පේනවා ඇති   Eur/Usd   Market  එක    Beer Trend  එකක් බව.    

පහත රුපයේ මම කහ පාටින්  mark  කර ඇති  candle  එකේදී  Sell   Order ( mini lot 1ක් ,  leverage 1:200 )   එකක්  දාල කොලපාට ට  mark  කර ඇති    ප්‍රදේශයේදී  close  කළා නම්.   ලබාගත හැකිව තිබු  profit  එක ගණනය කරන්න. 



අනිත් පාඩමෙන්    Demo Account  එකෙන්   Trade  කරමු 

No comments: