Support සහ Resistance - Lesson 13

Price එකේ සිද්ද වෙන හැම වෙනස් වීමක්ම සිද්ද වෙන්නේ යම්කිසි බලපෑමක් මුදල් වල අගය මත ක්‍රියාත්මක වෙන නිසා. Forex වල නම මේකට බලපාන්නේ බොහෝ දුරට Traders ලගේ හැසිරීම. වැඩියෙන් Buy Orders වැටෙන්න වැටෙන්න Trend ඒක උඩට යනවා, Sell Order වැඩි වෙන්න වැඩි වෙන්න Trend ඒක පහලට යනවා. එහෙනම් මෙන්න මේ බලපෑම වැඩියෙන් සිද්ද වෙන තැන් වලට කියනවා Support Level හරි Resistance Level හරි කියල.


Support Level

Support Level එකක් කියන්නේ Trend ඒක පහලට එනකොට ඇතිවෙන බලපෑමට, එ බලපෑම නිසා Trend ඒක ආයිත් උඩට යන්න පුළුවන්, නැත්නම් ඒ Support Level ඒක Break වෙන්න පුළුවන්. Support එකක් Break උනාම ඒ කියන්නේ Support ඒකෙන පහලට Trend ඒක ගියාම ඒ Support ඒක Resistance එකක් වෙනවා මොකද දැන් Trend ඒක තියෙන්නේ ඒ Level එකට පහලින් නිසා.

Resistance Level

Resistance එකක් කියන්නේ Trend Line ඒක උඩට යනකොට ඇතිවෙන බලපෑමට. බලපෑම වැඩිනම් Resistance ඒකෙන Trend ඒක අයත් පහලට හැරෙන්න පුළුවන්. Buyers ලගේ බලපැම වැඩිනම් Resistance එකට වඩා Resistance Level ඒක Break වෙන්න පුළුවන්.

උදා:











(Picture එක උඩ Click කරල විශාල කරලා බලන්න පුළුවන්)

 Trend Line එක C වලට පහලින් තියෙද්දී R1 කියන්නේ Resistance Level එකක්. එක නිසා C වලදී Trend එක පහලට තල්ලු වෙලා. ඒත් ඊට පහලින් තියෙන අනිත් Support එක නිසා (S1 වලට උඩින් තියෙන Line එක) අයත් උඩට ගිහින්. දෙවෙනි පාර Buyers වැඩි උන නිසා R1 කියන Resistance එක Break වෙලා. ආයිත් උඩම තියෙන Resistance එක නිසා පහලට ඇවිත්. කලින් Resistance Level එකක් උන R1 දැන් D වලදී  Support Level එකක් වෙලා.


Trend එක A වලට උඩින තියෙනකොට S1 කියන්නේ Support Level එකක්. එක නිසා A වලදී Trend එකට කරන බලපෑම හොදින් පේනවා. කොහොම හරි Sellers Power එක වැඩි වෙලා Trend එක පහලට ගිහින්, ඒත් S2 කියන්නේ Powerful Support එකක් වගේ. Trend එකට S2 Break කරන්න බැරි වෙලා. කලින් Support එකක් උන S1, B වලදී හොද Resistance එකක් වෙලා.

මේකෙන් ඔයාලට පේනවා ඇති කොහොමද Trend Line එක මේ Levels වලට ප්‍රතිචාර දක්වන්නේ කියල, මේක දැන ගන්න කලින් ඔයාල නිකන් හිතල තමයි කියන්නේ Trend එක දැන් උඩට යාවි හරි පහලට යාවි කියල හරි, ඒත් එහෙම වෙන්නේ මේ Levels වල බලපෑම නිසා.

කොහොමද මේ Levels හදුනාගන්නේ ?

මේ වගේ Levels ගොඩක් තියෙනවා. ඒ වගේම ඒ හැම එකකටම විශේෂ වුන කරනා ගොඩක් තියෙනවා. ඒ හැම එකක්ම අපි කියාදෙනවා.


  • Pivot Point
  • Fibonacci
  • Trend Line
  • Channels
  • Bands
  • Gann Theory
මේ හැම එකක්ම ඉදිරියට කියා දෙන්නම්. ඊට පස්සේ ඔයාලට පුළුවන් වේවි මේ Tools වලින් බලාගන්න හරියටම Trend එක යන Direction එක. මේ Levels වලින් තමයි ඔය Expert ල එහෙම Prediction කියන්නෙත්. ;)  

No comments: