LESSON 13ක්ඇති පහලට කියවන්න

  LESSON 13ක් ඇති පහලට කියවන්න ...



මට තේරෙන ෆොරෙක්ස්

කෝටියක් වටින අදහසක් නෙවෙයි කෝටියක් ගොඩදාන්න පුලුවන් අදහසක්
මුලදිම ආතල් වදනක් දීලා වැඩේ පටන් ගන්නකොටම ඔයාලට අවුලක් එයි යකෝ කෝටියක් ගොඩ දාන්න පුලුවන්නම් මේක ඇයි නිකන් දෙන්නේ කියලා. ඒක මගේ බලාපොරොත්තුවක්. මම නිසා මේකෙන් එකෙක් හරි ගොඩ යනවනම් මට ඒ ඇති.
    scalper, inter-day, swing , position කියන හතර විදියටම කරන ට්‍රේඩර්ස්ලා ඉන්න ෆොරෙක්ස් මාර්කට් එකේ 95% ලොස් වෙන්න හේතු මොනවද? strategies අසාර්තකද? accurate එක මදිද? ඉන්ඩිකේර් අවුල්ද?

මේ හැම දේටම උත්තර මේකෙන් ලැබෙයි කියලා හිතනවා

   ඔයාල මේ පිටුව කියවනකොට ෆොරෙක්ස් ගැන මූලික දේවල් ඉහෙන ගෙන ඇති කියලා හිතනවා. ඒක නිසා මන් මට තේරන ෆොරෙක්ස් ගැන මට පුලුවන් විදියට පැහැදිලි කරන්නම්.
  ෆොරෙක්ස් කියන්නේ ලෝකයේ තියෙන ජොබ්ස් වලින් සල්ලි මවන්න පුලුවන් වගේම සල්ලි නැතී කරගන්න පුලුවන් අවදානම් ජොබ් එකක්. ඉතින් මේ අවදානම් ජොබ් එකෙන් සල්ලි හොයන්න හොඳ දැනුමක් ඕනෙමයි. මම ෆොරෙක්ස් වලට එනකොට හිතුවෙ මේකට වැඩිය කඩ්ඩ ඕනෙ නෑ කියලා. ඒත් වලට බැස්සම තම්යි මේකෙ ගැබුර තේරුනේ.

  ට්‍රේඩ් කරනකොට අපි කරන්නේ ඕනම මුදල් ඒකකයක් තවත් ඒකකයකට අනුපාතව මිලදී ගන්න එක. උදාහරනයක් විදියට euro/usd සෙල් කරනවා කියන්නෙ euro එකට අනුපාතව usd මිලදී ගන්න එක. වගෙම බයි කරනව කියන්නෙ usd එකට අනුපාතව euro මිලදී ගන්නවා කියන එක.  එතකොට  අපි කරන්නේ අඩු අගයකදී මිලට අරන් වැඩි අගයකට ආවම ඒක විකුනන එක.
(ඉතින් එහෙම බලනකොට අපි කරන්නේ සිල්ලර වෙලෙන්දෙක් කරන ජොබ් එකම තමයි)

සිල්ලර වෙලෙන්දාත් කරන්නේ අඩු මුදලට අරන් වැඩි මුදලට විකුනලා ලාබ ගන්න එකයි.  සිල්ලර වෙලෙන්දෙක් බඩුවක් ගන්නකොට මොනවද හිතන්නේ?  

* මිල අඩු වෙන්න ඕනෙ .

* ඉල්ලුමක් තියෙන්න ඕනෙ.  වගේ දේවල්.

අපි මොනවද ෆොරෙක්ස් වල currencies මිලට ගන්න බලන්න ඕනේ. ??   ඒ කියන්නේ entry point එකකට මොනවද බලන්න ඕනේ. ?? ඔතන තමයි ගොඩක් අය හිර වෙන්නේ. සමහර අය trendlines channel breakout,. support and resistance ලෙවෙල්ස් indicators වගේ එවායින් එන්ට්‍රි ගන්නවා. ඇත්තටම මේක සාර්තකද? ඔව් සාර්තකයි යම් තාක් දුරට. ඒත් එතනින් එහාට ගියපු දෙයක් මේකෙ තියෙනවා.
ගොඩක් අය කියනවා අපි ට්‍රේඩ් කරනකොට වලට අදාල රටවල් වල ආර්තික සමාජමය වටපිටාව ගැන බලන්න ඕනෙ කියලා. ඒත් එයාල කියන්නේ economic calendar  එක බලල නිව්ස් ටයිම් මග අරින්න කියලා විතරයි.

ෆොරෙක්ස් මාර්කට් එක trade කරන්න අපිට ඕනෙ මූලික අවි 3ක්. මේවාට දාන බුලට්ස් ගැනත් කියන්නම්.
* fundamental analysis

* sentimenal analysis

* technical analysis

chart analysis කරනකොට මේ දේවල් 3 දිහාම බලන්න ඕනේ.
Fundamental analysis
ඉස්සෙල්ලම කියන්න දෙයක් තියෙනවා. Fundamental trading එකයි news trading එකයි කියන්නේ දෙකක්. news එකක් තියෙන වෙලාවට කරන්නේ news trading වගේම නිව්ස් වල බලපෑම එක මත trade කරන එකට කියන්නෙ fundamental trading කියලා
    Forex මාර්කෙට් එකෙ සිල්ලර වෙලෙන්දො විදියට ඉන්න අපි, රටකට අදාල් මුදල් මිලදී ගන්නකොට ඒ රටේ ආර්තිකය අඩු අගයක තියෙනවාද බලන්න ඕනේ. ඒ වගේම ඒ එකට ඉල්ලුමක් එන දේවල් ගැන අවදානයෙන් ඉන්න ඕනේ.

මේවා බලන්නත් රටවල් වලටම ජාත්‍ය්න්තරව සම්මත උන economic indicators වගයක් තියෙනවා

1  Employment status

  • jobless claims (වැඩි වෙනකොට ආර්තිකය weak වෙනවා)
  • Payrolls  (වැඩි වෙනකොට ආර්තිකය strong වෙනවා)
  • Average hourly earning  (වැඩි වෙනකොට ආර්තිකය strong වෙනවා)
2  Rate of inflation (වැඩි වෙනකොට ආර්තිකය strong වෙනවා)

3  GDP goods domestic product (වැඩි වෙනකොට ආර්තිකය strong වෙනවා)

4  Govt changes war .etc,  (හරියට brexit වගේ)
මෙවායෙ වෙනස් වීම් වලින් මාර්කට් එකට එන බ්යර්ලා ගැන දල අදහසක් ගන්න පුලුවන්.
මේවායෙ මොකක් හරි අවුලක් උනොත් ඒ කියන්නේ එක පාර කඩන් වැටෙන තත්වයක් වගේ ආවොත් පොඩ්ඩක් එහා මෙහා කරල බැලන්ස් කරන්නත් ඕනම රටකට කෙනෙක් ඉන්නවා. එයා තමයි central bank එක. ඔය කියපු central bank එකෙත් තියෙනවා tools වගයක් මේ දේවල් වල බලපෑම අවුල් ආවොත් එහෙ මෙහෙ කරන්න.
Interest rate
Price limit
QE (Quantitative easing)
Language

මේකෙන් කියවෙන්නේ භාශාව ගැන. භාශාවෙත් කොටස් දෙකක් තියෙනවා.

Hawkish and dovish කියලා. Hawkish කියන්නේ අපි මේක කරනවා කියලා පැහැදිලිව කියන එකට. dovish කියන්නේ අපි මේක් කරන්න බලාපොරොත්තු වෙනවා වගේ වැනි වැනී කියන කතා වලට,
economic කැලන්ඩරේ ඔය දේවල් කරන වෙලාවල් බලාගන්න යොදාගන්න පුලුවන්. මොකද මේවා කරන්න නියමිත දවසක් වගේම වෙලාවක් තියෙනවා

(හරියටUSD NFP එක හැම මාසෙම 1 වෙනි සිකුරාදා හවස එනවා වගේ)
සාමාන්යෙන් central bank එක අර economic indicators වල අවුල් සමතයක් කරන්නේ එක වරකට එකක් පමණයි.

ඒ කියන්නේ රටක GDP එකයි Inflation rate එකයි දෙකම අවුල් නම් එක කරන්නේ නිව්ස් වෙලාවට අර දෙකෙන් එකක විතරක් අවුල අඩු කරන්න උත්සහ කරන එකයි.
මේවායෙ බලපෑම නිසා පිප්ස් 100 සිට 1000 දක්වා මාර්කට් එක එහා මෙහා යන්න ඉඩ තියෙනවා. එහෙම වෙන්නේ මේ බලපෑම් නිසා මාර්කෙට් එකට එන බ්යර්ලා නිසයි.
නිව්ස් බලන්න ගොඩක් අය රෙකමන්ඩ් කරන ස්යිට්ස් තමයි


www.forexfactory.com   කියන්නේ
news.JPG

central bank rates.JPG

news  බලලා තීරනය කරන්න ඕනේ ඒ රටේ ආර්තික තත්වය මොන වගේ වෙයිද කියලා. calendar එකේ තියෙන දේවල් විස්තර කරලා කියන සයිට්ස් තියෙනවා.


bllo.JPG


forexcr.JPG

වගේම පිප්ස් පාසල් මහ ගෙදර  

Currency Correlation කියලා කොටසක් තියෙනවා. Gold aud currency එකට බලපෑම් ඇති කරනවා. අයෙ තෙල් මිල USD/cad එකට බලපෑම් ඇති කරනවා.

තෙල් මිල එකට බලපෑම් ඇති කරන්නේ දවසකට බොරතෙල් බැරල් 2000ක් කැනඩාවෙන් USA වලට යවන නිසා.
මුදල් ඒකක වලත් එකෙන් එකට වෙනස් correlation ඇති කරනවා. ඒකෙන් අපිට හොඳම ට්‍රේඩ් එක හොයාගන්න පුලුවන්. ඒකත් බලන්න සයිට් එකක් දෙන්නම්.

corrolation.JPG

එතකොට fundamental analysis කතන්දරේ මේකෙන් ඉවරයි. ඉවරයි කියන්නේ මට තේරෙන විදියට කියලා දීලා ඉවරයි
අපි ෆොරෙක්ස් මාර්කෙට් එකේ ඉන්න හාල් මැස්සො වගේ. 0.1න් $1න් ට්‍රේඩ් කරලා අපිට බෑ forex market එකේ pip එකක් එහා මෙහා කරන්න. ඉතින් අපි කරන්න ඕනෙ මාර්කට් එකට එන buyr ල යන පාරෙ යන්න. එයාලගෙ වැල යන අතට අපේ මැස්ස ගහන්න. ඔය නිසයි මාර්කට් සෙන්ටිමෙන්ට් වැදගත් වෙන්නේ.
  ඊට පස්සේ sentimenal analysis ඕකෙන් කියවෙන්නේ මාර්කෙට් එකේ ට්‍රෙන්ඩ් එක වෙනස් වෙනවද කියලා බලන එක. මාර්කෙට් එකට එන buyela ගාන අඩු වැඩි වෙන එක.  මේක වාර්තාවක් විදියට සතිපතා එන සයිට් එකක් තියෙනවා.
http://www.cftc.gov/Marketreports/CommitmentsofTraders/index.htm ගිහින් බලන්න අදහසක් ගන්න පුලුවන්. හැබැයි ටිකක් සන්කීර්නයි. වැඩේ ටිකක් ලේසි කරන්නම්.

මේකන් මාර්කට් සෙන්ටිමෙන්ට් එක ගැන පැහැදිලි අදහසක් ගන්න පුලුවන්. වගේම ලේසියී timingchar.JPG
පොඩි අවුලක් ආවද මන්දා. fundamental ඔච්චරටම වැදගත්නම් මාර්කට් එකේ sentiment (trend) එක වෙනස් වෙන්නේ fundamental හින්දනම් ඇයි support and resistance වලට අපි කරන්නේ?
brokers, hedge funds වගේ 80% වලට වඩා සිල්ලර වෙලෙන්දෝ ෆොරෙක්ස් මාර්කෙට් එකේ trade කරන්නේ support and resistance වලට, opposite direction එකට තමයි එයාල trade කරන්නේ. එතකොට එයාලට මාර්කට් එක පැහැදිලිව දකින්න පුලුවන්.
strong news time වලට මාර්කට් එක දිහා බැලුවොත් ඔයාලට පෙනෙයි නිව්ස් වෙලාවටත් support and resistance ලෙව්ලෙස් වල්ට මාර්කට් එක respect කරනවා. එහෙම වෙන්නේ ඔය වැඩි හරියක් මේ  sup and res ලෙවෙල්ස් වල්ට ට්‍රේඩ් කරන නිසා තමයි

support or resistance ලෙවෙල් එකක් බ්‍රේක් කරලා අයෙ රීටෙස්ට් කරන්නෙ නැතුවම අනිත් පැත්ත ගෙහෙනෙන්නේ වලට මාර්කට් එකට එන retails ට්‍රේඩර්ස්ලගේ එක නිසා තමයි
Forex market එකේ අපි businessmen කෙනෙක් ඉතින් අපිට මුදල් මිලට ගන්න හොඳම තැන හොයාගන්න ඕනෙ. ඕකට තමයි Technical analysis ඕන වෙන්නේ.
Support and resistance ලෙවෙල්ස් ඇති වෙන්නේ ඇයි කියලා කලින් කිව්වා. trendlines වලට මාර්කෙට් එක respect කරන්නේ ඇයි කියලත් බලමු. Retail traders  ල මාර්කෙට් එකේ targets ඉවර කරගන්නෙ support and resistance වගෙම trend lines එහෙමත් බලල.  ඔය channels හැඩෙන්නෙත් ඕක නිසා තමයි.

Currency strength. එක අනුව support and resistance or trendlines වල market එක touch වෙන විදිය වෙනස් වෙනවා. හැබැයි ගොඩක් වෙලාවට trendline එකයි sup or res levels දෙකම සෙට් වෙනවනම් එතන ගොඩක් සාර්තක ඉලක්කයක් වෙනවා.

trend channel.JPG
Reversal signals,

 ඔයාලට චාර්ට් එකේ chart pattern වගේම candlesticks signals අඳුනගන්න පුලුවන් සහ double top/bottom or head and shoulder pattern කියන්නෙ trend reversal patterns කියලා තේරුම් ගන්න පුලුවන් කියලා හිතනවා (මම නම් entries ගන්න use කරන්නේ 1H and 30min chart වල මේ දෙක තමයි)
support and resistance , trendlines, channels, indicators, වගේ දන්න ඕන සෙල්ලමක් දාල entry එක ගන්න. වැඩේ තියෙන්නේ fundamental and sentiment  අවුල් උනොත් spike candles වලට අහු වෙලා ඔයාට ඉක්මනටම account එකේ සල්ලි ටිකට කෙලවගන්න පුලුවන්. 95% අපි වගෙ පොඩි එවුන් ලොස් වෙන්නේ මේ fundamental sentimenatal or technical 3න් එකකට හෝ දෙකකට විතරක් trade කරන නිසයි. කැමතිනම් ඔයාටත් අදාල කරගෙන බලන්න පුලුවන්.

indicators අවුල් නෑ. ඒත් එවායින් අපි market එක දිහා බලන විදිය වෙනස් වෙනවා.  මොකද ගොඩක් එවයින් පෙන්නන්නේ මාර්කෙට් එකේ ඉතිහාසයෙ උන දේවල් විතරයි. ඒකත් හරියට මාර්කෙට් සෙන්ටිම්මෙන්ට් වගේ තමයි.
 fundamental and sentimenal දෙකම ඔයාට අවුල් නැත්තම් ගින්නක් නැතුව. ස්ට්‍රොන්ග් support or resistance ලෙවෙල්ස් වලින් chart pattern , indicators, candlesticks සිග්නල් බලලා entry එක ගන්න. ලොවෙත් වරදින්න තියෙන ඉඩ ගොඩක් අඩුයි.
මෙතනින් එහාට කඩ්ඩ පුලුවන් අය කාටවත් කාගෙවත් උදව්වක් ඕනෙ නැතිවෙයි කියලා හිතනවා. ඒත් කඩ්ඩ බැරි මම වගේ උන්ට උදවවක් වෙන්න පුලුවන් එකෙක් ඉන්නවනම් බ්ලොග් එකක් කරන්න කියලා ඉල්ලනවා. bloomberg , forexcrunch,  පැත්තෙ තියෙන පෝස්ට් ට්‍රන්ස්ලේට් කරලා blog එකක් කරගෙන යන්න පුලුවන්නම් ගොඩක් වටිනවා.
එහෙනම් හැමෝටම ජය වේවා.
මේක කොහෙන්වත් කොපි කරපු එකක් නෙවෙයි. කොපි කරනවනම් මගේ නමත් දාපන්. කිසි අවුලක් නෑ. එක්කො Mark නැත්තම් ආයුබෝවන් ෆොරෙක්ස්

No comments: