Pending Orders යෙදීම Lesson - 09

හෙට පටන් මේ බ්ලොග් එකට ලිපි ලියන්න "Source Code" කියල  තවත්  යාලුවෙක් එකතු වෙනවා.    

අද  අපි බලමු  forex  කරද්දී අපට අතවශ්‍යම වන කොටසක් වන  pending Orders  ගැන  

මොකක්ද මේ  Pending Orders  කියන්නේ   ?   


Forex  කරන කොට අපිට  පැය 24 ම PC  එකේ  chart  බලාගෙන ඉන්න බැනේ. එහෙම කරන්න ඕනෙත් නැහැ. මේ  Pending Orders  දාල අපිට ඉස්සරහට වෙන්න තියන  price Movment  එකකට  Buy & Sell Orders  දාන්න පුළුවන්.  තේරුනේ නැහැ නේද ?    අපි උදාහරණයක් බලමු. 

 මේ වෙනකොට  EUR/USD = 1.2500   ඉස්සරහට  මේ  Price  එක 1.2520    වෙනස් වෙනකොට ලොකු  beer Trend  එකක්  කියන්නේ මුදලේ අගය අඩුවීමක් වෙයි කියල ඔබ  හිතනවා නම් ඔබට කරන්න තියෙන්නේ 1.2520  ට  Sell Stop  එකක් දාන එක විතරයි. එතකොට  ඔබ පරිගණකය ක්‍රියාත්මක කර තිබුනත් නැතත් 1.520 වෙද්දී order  එකක් වැටෙනවා.  


 Pending Orders  දාන්නේ කොහොමද ?  

  Meta Trader 4  වල  New Order   click  කර අදාල Window  එක  Open  කරගන්න. 

දැන් පහත රුපයේ පරිදි  menu  එකක් ඔබට ලැබේවි

 එහි  type   වලින්  pending Orders   Select  කර ගන්න. 
දැන් ඔබට  Option  හතරක් ලැබේවි.  buy stop , Buy limit   Sell Stop , Sell Limit 

Buy stop & Buy Limit 

buy stop  යෙදිය යුත්තේ ඔබ භාවිතා කරන  Currency pair එක  පහලට පැමිණීමේදී මිලදී ගැනීමට වේ Buy limit  යෙදිය යුත්තේ   currency pair  එක පහල සිට ඉඅහලට පැමිණීමේදී මිලදී ගැනීමට වේ. 

උදාහරණ -   EUR/USD  වල  Price  එක දැන් 1.2000  ඔබ හිතනවා මේක 1.2200 දක්වා ඉහල ගියොත්  තව බොහෝ දුර ඉහල යයි කියල. ඔබට කරන්න  තියෙනේ   Buy Stop   Order  එකක් 1.220  දාන එක. 

 EUR/USD  වල  Price  එක දැන් 1.2500  ඔබ හිතනවා මේක 1.2400 දක්වා පහල  ගියොත්  ලොකු   Uptrend  එකක් එයි කියල . ඔබට කරන්න  තියෙනේ   Buy Limit  Order  එකක් 1.2400  දාන එක.  


 Sell Stop & Sell Limit 

 EUR/USD  වල  Price  එක දැන් 1.2100  ඔබ හිතනවා මේක 1.2000 දක්වා පහල  ගියොත්  තව බොහෝ දුර පහල යයි කියල. ඔබට කරන්න  තියෙනේ  Sell Stop    Order  එකක් 1.2000  දාන එක.  


 EUR/USD  වල  Price  එක දැන් 1.2300  ඔබ හිතනවා මේක 1.2350 දක්වා ඉහල   ගියොත් Down Trend  එකක් එයි  කියල. ඔබට කරන්න  තියෙනේ  Sell Limit    Order  එකක් 1.2350  දාන එක..



මේ සම්බන්ධයෙන් මොකක් හරි ප්‍රශ්නයක්  තියනවා නම්  comment  එකකින් අහන්න. 

Next Lesson - Forex හි මුදල් යෙදවිය යුතු වේලාවන් සහ නොයෙදිය යුතු වේලාවන්   From "Source Code "

No comments: