Forex හි මුදල් යෙදවිය යුතු වේලාවන් සහ නොයෙදිය යුතු වේලාවන්- Lesson 11

අපි මේ වෙනකොට Forex වල මුලික දේවල් ගැන කියා දීල තියෙනව. ඒ පාඩම් ටික කියෙව්ව කෙනෙක්ට Forex මාර්කට් එක හැසිරෙන්නේ කොහොමද, Trend එක ගැන දල අදහසක් ගන්න, Trade කරන්න, Stop Loss සහ Take Profit පාවිච්චි කරන හැටි වගේ මුලික දැනුමක් දැන් තියෙනව.
අපි දැන් හදන්නේ කොහොමද අඩුම වෙලාවකින්, අඩුම Loss එකකින් Forex වලින් Trade කරන්නේ කියන දේ ගැන ටිකක් කතා කරන්න. මේ කාරණාවේදී වැදගත් සාදක කීපයක් තියෙනවා .


  • Trade කල යුතු වේලාවන්
  • මුදල් පාලනය කිරීම
  • Trend එක හරියටම අදුන ගැනීම (Tools භාවිතයෙන්)
මේ දේවල් හැම එකක්ම සාර්ථක Forex Trader කෙනෙක් වෙන්නනම් දැනගන්න ඕන. තමන්ට හිතෙන හිතෙන විදියට Trade කලොත් අපේක්ෂිත ලාභය ගන්න බැහැ. අපි දවසින් දවස කියා දෙනවා නොමිලේම කොහොමද සාර්ථක Forex Trader කෙනෙක් වෙන්නේ කියල.

අද Post එක දාන්නේ කොහොමද Trade කරන්න හොදම වෙලාව හොයාගන්නේ කියල.


මේ පාඩම් මාලාවේ මුල්ම පාඩම් වල කියල ඇති Forex මාර්කට් එක පැය 24 Open කියල. ඒ වගේම Weekend එකේ Close කියලත්.

ලෝකේ කලාප 4 ක තියෙන මාර්කට් වලින් තමයි Forex  Tradings සිද්ද වෙන්නේ. මේ මාර්කට් අරින්නේ එක එක වෙලාවල් වලට. පහත වගුවෙන් පෙන්නනවා එක එක මාර්කට් එකේ Open Time එක සහ Close Time එක.





(අපේ වේලාවට අනුව බලාගන්න පැය 5.30 ක් මේ වේලාවන් වලට එකතු කරන්න)



කොහොමද තීරණේ කරන්නේ Trade කරන වෙලාව ?



දැනටමත් Trade කරන අය දන්නවා ඇති හැම Pair එකක්ම හැම වෙලාවේම Active නැහැ කියල. Pair එකක් Active වෙන්න සාධක කීපයක් තියෙනවා. එයින් වැදගත්ම 2 ක් තමයි


  • Open මාර්කට් Sessions
  • Correlation
Open මාර්කට් Sessions

මෙයින් අදහස් වෙන්නේ, Open කරලා තියෙන මාර්කට් එක අනුව ඒ රටට අදාල මුදල් වර්ගය Active වීමේ සම්භාවිතාවක් තියෙනවා කියන එක.

උදා: 1.00 pm - 10.00 pm වෙලාවේදී NewYork මාර්කට් එක Open නිසා USD අගය ඉක්මනින් වෙනස් වෙන්න පුළුවන්.



හරියට Session එක අදුනගෙන Trade කරනවානම් ගොඩක් වෙලා කාලය කන්න ඕන නැහැ. සමහර pairs වලට Trade කරලා පැය ගණක උන්නත් හොද Profit එකක් ගන්න බැරි අන්න එක නිසයි.


ඒ වගේම තවත් අවස්ථාවන් තියෙනවා මාර්කට් Session 2 ක් Overlap වෙන. ඒ කියන්නේ එකම වෙලාවේ Sessions කීපයක් Open.



උදා: 1.00 pm - 5.00 pm කාලයේදී London සහ NewYork session දෙකම Open. එක නිසා Eur/USD,

GBP/USD වැනි pairs ගොඩක් Active.



මේ Software ඒකෙන් මේ වෙලාවේ ඔයාගේ වෙලාවට අනුව Open Sessions බලාගන්න පුළුවන්.




Correlation



මේකෙන් අදහස් වෙන්නේ, සමහර Pairs වල Trend එක තවත් Pair එකක Trend එක අනුව වෙනස් වීමේ සම්භාවිතාව.




උදා: Eur/USD pair එකේ Trend එකට අනුකුලව Eur/GBP, Eur/JPY, USD/CHF වගේ Trends විචලනය වෙනවා.



මේ වෙනස් වීමේ හැකියාව දැනගන්න Currency Correlation Table එක බලන්න. FXColleration කියන තැන වරහන් ඇතුලේ තියෙන Table view click කරන්න. දැන් Table එකක් පෙන්නාවී, Currency correlations for කියන තැනින් ඕන කරන Pair එක Select කරන්න එතකොට ඒ Pair එකේ බලපෑම අනිත් Pair වලට බලපාන හැටි Table ඒකෙන

පෙන්නාවි.

Table එකේ අගය + අගයක්නම් ඒකෙන කියන්නේ ඔයාල select කරපු  Pair එකේ Trend එකේ Direction එකටමයි ඒ අදාල Pair එකෙත් චලනය වීමේ සම්භාවිතාව තියෙන්නේ. උපරිම + අගය 1. + අගය අඩු වෙන්න අඩු වෙන්න Trend එක එම දිශාවටම චලනය වීමේ සම්භාවිතාව අඩු වෙනවා.

Table එක - අගයක්නම් ඒ කියන්නේ ඔයාල select කරපු Trend එකට විරුද්ධ පැත්තටයි ඒ අදාල Trend එක ගමන්


කරන්නේ. උපරිම - අගය -1.

අගය 0 නම් ඒ Pair දෙක අතර Relationship එකක් නැහැ.



උදා:


  • 1 Week Time Frame එකට අනුව EUR/USD Pair එකත් එක්ක EUR/GBP Pair එකේ අගය 0.96 යි. ඒ කියන්නේ EUR/USD Pair එක Bull Trend වෙනකොට EUR/GBP Trend එකත් UP Trend එකක් වීමේ සම්භාවිතාව වැඩියි.(96%)
  • නමුත් USD/CHF Pair එක -0.96 යි. ඒ කියන්නේ EUR/USD Trend එක UP වෙද්දී USD/CHF Pair එක Bear Trend එකක් වීමේ සම්භාවිතාව වැඩියි.(96%)
(මෙවැනි අවස්ථාවක Pairs දෙකකට වැඩියෙන් Trade කිරිමෙදී සැලකිලිමත් වෙන්න. වෙනස් Trends පවතින Pairs වලට එකවර සමාන Trade කරන්න එපා. උදා: EUR/USD Up Trend එකක් තියෙන වෙලාවේදී EUR/USD වලට Buy Order එකක් දාල EUR/CHF වගේ එකම Trend එකක් තියෙන Pair එකකට Sell Order දාන්න එපා.)


මිට අමතරව අගහරුවාද,බදාදා සහ බ්‍රහස්පතින්දා දිනවලදී සදුදා සහ සිකුරාදා දිනවලට වඩා හොද වෙළද පොලක් දැකගන්න පුළුවන්.

Trade කිරීම සදහා හොදම වෙලාව තොර ගන්න. මෙම කරුණු එහිදී ඔබට වැදගත් වේවි. මෙම කරුණු වලට අනුව ඔබ තෝරාගන්න වෙලාව සුදුසු නොමැතිනම්, Trade කිරීමෙන් වලකින්න. නැතිනම් ඔබගේ මුදල් වලට තියෙන Risk එකද වැඩියි.

මේ පාඩමෙන් ගොඩක් වැදගත් දෙයක් තමයි අපි කියා දුන්නේ. කවුරු හරි හිතනවානම් මේවා වැදගත් නැහැ, මේ වෙලාවේ තියෙන Trend එකට Orders Place කරන්නයි ඕන කියල, ඔහුට පහත රුපයේ පෙන්නන 90% දෙනා අතරට තමයි යන්න වෙන්නේ.
හොද Trader කෙනෙක් වෙන්න Forex ගැන ඉගෙනීම ගොඩක් වැදගත්. මේ පාඩම් ඔබට වැදගත්නම් හෝ ඔබට උපකාරී උවානම් Comment කරලා යන්නත් අමතක කරන්න එපා.

Next Lesson  : ප්‍රශ්න සහ පිළිතුරු From "learn forex in Sinhala"


No comments: