මුදල් පාලනය (Money Management)- Lesson 12

අපේ අනිත් යාළුවගේ Post ඒක (ප්‍රශ්න සහ පිළිතුරු-FAQ) ඔහුගේ අසනීප තත්වය නිසා මේ Post එකට පසුව Post කරාවි.
ගිය Lesson එකේදී කිව්වා වගේම හොද Trader කෙනෙක් වෙන්නනම් අවශ්‍ය කරන දේවල් වලින් තවත් වැදගත්ම දෙයක් තමයි "මුදල් පාලනය". Forex වලදී කාගේත් අවශ්‍යතාවය මුදල් වැඩි කර ගැනීම, ඒත් ඒ වගේම වැදගත් තව දෙයක් තමයි මුදල් සම්පුර්ණයෙන් පරාද නොවී සිටීම(survival). මේක කරන්නනම් දැනගෙන ඉන්න ඕන තමන්ගේ Account එකේ තියෙන මුදල් කොහොමද අඩු Risk එකකින් ආයෝජනය කරන්නේ කියල. 
මේකට හිතන්න ඕන කාරණා කිහිපයක්ම තියෙනවා,
  • මුළු මුදලින් අඩු ප්‍රතිශතයක් පමණක් Order එකක් සදහා යෙදීම.
  • මුදල් යෙදීමට පෙර Risk ඒක හදුනා ගැනීම.
  • ආරක්ෂා සහිත Stop Loss අගයක් භාවිත කිරීම.
මුළු මුදලින් ආරක්ෂා සහිත ප්‍රතිශතයක් පමණක් Order එකක් සදහා යෙදවීම
ගොඩක් දෙනා කරන්නේ තමන්ගේ Account එකේ තියෙන මුළු ගානම හරි ඒකෙන 1/2 ක් හරි කෙලින්ම එක Order එකක් සදහා යෙදවීම. ඒත් Loss උනොත් ඒ මුදල් එකවර නැතිවෙන නිසා ඒක Trade එකකින් පස්සේ මුදල් සියල්ලම නැතිවෙලා. ඒක නිසා තමන්ගේ මුළු මුදලින් අඩුම ප්‍රතිශතයක් ඒක Order එකක් සදහා භාවිත කරන්න.  උදා: 2% , 5% , 10% ,15% 
අපි හිතමු A කියන කෙනාගේ Account එකේ තියෙනවා 100$ , සහ B කියන කෙනගේත් 100$ තියෙනවා. A පුද්ගලය 20% ක Risk එකක් ගන්නවා Order  එකක් සදහා. B ගන්නේ 10% Risk එකක් විතරයි. A- අසාර්ථක Order 5 කින් පසුව පරාජය බාරගන්නවා. නමුත් B- අසාර්ථක Order 5 කින් පසුවත් මුදල් ඉතුරු කර ගන්නවා.
ඒ වගේම Order එකක් Loss උනා කියල කවදාවත් ඒ Loss ඒක පුරවගන්න හිතාගෙන Trade කරන්න එපා. Order ඒක Close කරන්න ඕන තැනදී Close කරන්න. අනිත් උන පාඩු මකාගන්න කියල Risk එකක් ගන්න එපා. හැම Order එකකින්ම ඊට අදාල ලාභය විතරක් අරගන්න. 
මුදල් යෙදීමට පෙර Risk ඒක හදුනා ගැනීම
Trading Chart එකේ හැම Turn එකකදීම Order Place කරලා තමන්ට අවශ්‍ය ලාභය ගන්න බැහැ. Market ඒක විශ්වාසදායක විදියට හැසිරෙන වෙලාව එනකන් ඉන්න. Trade කරන්න කලින් බලන්න ඒ Trade ඒකෙන් Loss : Profit අනුපාතය. ඒ කියන්නේ Loss ලැබෙන්න තියෙන ඉඩ : Profit වෙන්න තියෙන ඉඩ. මේ දෙකේ අනුපාතය 1 : 3  වත් වෙන්න ඕන Trade කරන්නනම්.  උදා: pip 20 ක් Loss වෙන්න ඉඩ තියෙනවා. pip 40 ක් දිනන්න ඉඩ තියෙනවා - (1:2) - Bad Trade pip 10 ක් Loss වෙන්න පුළුවන් , pip 30 ක් දිනන්න පුළුවන්. (1:3) - Good Trade
Traders 10 දෙනෙක් 1:3 Risk එකක් අරගෙන කරපු Trades List එකක්. 
       Trade        Loss       Profit
1
+300
2-100
3-100
4
+300
5
+300
6-100
7
+300
8
+300
9-100
10-100
Total- $500+ $1500
Grand Total+ $1000 in profit

ආරක්ෂා සහිත Stop Loss අගයක් භාවිත කිරීම

Stop Loss ගැන අපි කලින් Post එකක් දාල ඇති. හැම නිතරම Stop Loss අගයක් Use කරන්න. ඕනවට වඩා Loss වෙනකන් ඉන්න එපා තව ටිකකින් මේක හරි යාවි කියල හිත හිත. කලින් කිව්වා වගේ ඒක Trade එකකින් ඒ Trade එකට අදාල මුදල් පමණක් Loss වෙන්න සහ ඒ Trade එකට අදාල ලාභය ලැබුනම ඒක Close කරලා දන්න.

මේ හැම දෙයක්ම මතකේ තියන් Trade කරන්න. Market ඒක Sure නැත්නම් Trade කරන්න එපා. Profit නැති ඒක හොදයි Loss එකක් තියෙනවට වඩා.

ගැටළුවක් තියේනම් Comment කරන්න. :)

Next Lesson : ප්‍රශ්න සහ පිළිතුරු (FAQ)

No comments: