Tuesday, September 6, 2016

LESSON 13ක් ඇති පහලට කියවන්න ...

අවවාදයයි : Forex වලට උනන්දු අයට විතරයි!


මේ දවස් වල Internet එකේ කරක් ගැහුවොත් Forex ගැන ලියවුන Site සෑහෙන්න තියෙනවා. ඒ අතරින් සිංහෙලෙන් Forex ගැන කියලා දෙනවා කියන Site එහෙමත් බර ගානක් තියෙනවා. ඒත් ඒ හැම එකකම නිකක් කිසිම වැඩකට නැති Article දෙකක් තුනක් දාලා වැඩිදුර ඉගෙන ගන්න ඕන නම් එයාලා මෙහෙයවන පංතියට එන්න කියනවා.


මගේ යාලුවෙක්ටත් මරු වැඩක් වෙලා. මං මිනිහට කිව්වා Forex සීන් එක ගැන. මේ ගැන මිනිහටත් ආස හිතිලා. මට දවසක් කිව්වා පොඩ්ඩක් කියලා දෙන්න කියලා. ඒත් වැඩ වැඩි නිසාම මටත් ඕක එහෙමම අමතක වෙලා ගියා. ඔන්න මිනිහා මොකක්ද සයිට් එකකින් දැකලා ෆොරෙක්ස් සිංහලෙන් උගන්නන පංතියක් ගැන. ඉතින් පොර ඕකට ගිහින් රුපියල් 5000 ක් දීලා.


පුදුමේ කියන්නේ මේ Class එක කරපු එකා උදේ 8 ට පටන් අරන් හවස 5 වෙනකොට ෆොරෙක්ස් A to Z කියලා දීලා. මටත් මේ ගැන ඉගෙන ගන්න මාස 9 වගේ ගියා. තාමත් ගොඩක් Strategy ගැන දන්නෙත් නෑ. ඒත් මගේ යාලුවා කියනවා ඌ ගින්දර වගේ හැම දේම දවසින් කියලා දුන්නලු. මං ඇහුවා මොනාද කියලා දුන්නේ කියලා. මිනිහා කියපුවා අහලා මට බඩ අල්ලගෙන හිනා.


මිනිහා කියනවා පොඩි Lecture එකක් දීලා උන්ව ඊටාරා කියලා (eToro කියන එකට තමයි මූ ඊටාරා කියන්නෙ) සයිට් එකක රෙජිස්ටර් කරාලු. ඒ සර් Forex ගැන Expert කෙනෙක් නිසා ඒ සර්ට පුලුවන් උනාලු මුන් ටිකට $10,000 වටින Account හදලා දෙන්න. (මේ කියන්නේ Demo Account එක ..:: හික්ස් ::..) ඔන්න ඊට පස්සේ මුන්ට Trade කරන හැටි කියලා දීලා. මුලින්ම Demo එකෙන් Buy Trade එකක් දාන්න කියලා. ඒ ගමන්ම Sell Trade එකකුත් දාන්න කියලා. ඔන්න දැන් Buy Trade එක Profit වෙනකොට ඒක Close කරනවා.  එතකොට Sell Trade එක Loss නේ. තව ටිකකින් Sell Trade එක Profit උන ගමන් ඒක Close කරනවා. (ඔය කියලා දීලා තියෙන්නේ Hedging Technique එක ගැන)  ඔන්න පැයකින් විතර කට්ටියටම $100 වගේ Profit ලු. ඔන්න ඔයාල ඉගෙන ගත්තා Forex වල Trade කරන හැටි. දැන් ඔයාලට පුලුවන් සල්ලි දාල කරලා පැයෙන් ලොකු ගානක් හොයන්න කිව්වලු. තව අන්තිමට මෙහෙමත් කියලා. Forex is so Simple and Profitable කිව්වලු. ඔන්න ඔහොමයි Forex ගැන මගේ යාලුවා A to Z ඉගෙන ගෙන තියෙන්නේ.


මේ වගේ හොර පංතිවලට ගිහින් රු.5000 ඒවා කොයි තරම් නැති කරගත්ත කට්ටිය ඇතිද? අනික දැන් ෆොරෙක්ස් දන්නවා කියලා හිතාගෙන ඇත්තට සල්ලි දාලා ඒවා නැතිකරගත්ත අයත් කොච්චර ඇතිද?

Forex සිංහලෙන් ඉගෙනගමු -Lesson 1

Forex සිංහලෙන් ඉගෙනගමු -Lesson 1

න්තර්ජාලයේ මුදල් ඉපයීමේ සුපිරි රහස කියල ගොඩක් අය forex හඳුන්වන්නේ. මේ කතාවේ වැරැද්දකුත් නැහැ .

දැන් අපි බලමු මේ forex කියන්නේ මොකක්ද කියල , ඔයගොල්ලෝ අහල ඇති stock market ඒක ගැන . අන්න ඒ වගේ එකක් තමයි forex market ඒක කියන්නේ. වෙනස තියෙන්නේ stock market එකේ අලෙවි වන්නේ සමාගම් කොටස් උනාට forex market එකේ අලෙවි වන්නේ මුදල්. . එච්චරම පැහැදිලි නැහැ නේද ?
 forex කියන්නේ Forgien Exchange කියන වචන දෙකෙන් හැදුන තනි වචනයක් (  ලෝකේ තියන ලොකුම  market   ඒක තමයි Forex   කියන්නේ ). දැන් අපි බලමු forex trade කරන්නේ එහෙම නැත්නම් සල්ලි විකුනන්නේ කොහොමද කියල ? .
දැන් හිතන්න ඇමරිකන් ඩොලර් එකක මිල රුපියල් 100 කියල. අපි රුපියල් 1000 දීල අද ඇමරිකන් ඩොලර් 10ක් ගන්නවා . තව පැය කිහිපයකට පස්සේ ඒක පාරට ඇමරිකන් ඩොලර් එකක මිල රුපියල් 115 වෙනවා. එතකොට අපි කරන්නේ අපි ගාව තිබුන ඩොලර් 10 දීලා ඒවා ආයිත් රුපියල් බවට පත් කරගන්නවා. එතකොට අපිට ලැබෙන මුදල 115 * 10 = 1150 ඒ කියන්නෙ රුපියල් 150ක ලාබයක්. ඔන්න ඔය දේ තමයි අපි forex කියල කරන්නේ. මම හිතනවා forex ගැන දල අදහසක් ලැබුනා කියල.





.

දැන් කස්ටිය හිතනවා ඇති ක්‍රමය තේරුනාට මේකෙන් විශාල මුදලක් හොයන්න මුදලේ ලොකු වැඩිවීමක් සමග අප ආයෝජනය කලයුතු මුදල් ප්‍රමාණයත් වැඩිවිය යුතුයි. එහෙම නැත්නම් වැඩක් නැහැ කියල. බය වෙන්න එපා අපි ලොකු මුදලක් ආයෝජනය කරන්න ඕනේ නැහැ. අනිත් පාඩම් ටික යද්දී ඒක තේරෙයි

Forex Currencies - Lesson 2


Forex Currencies - Lesson 2

Forex  වල භාවිතා වන මුදල් එකක
අද අපි බලමු Forex වල භාවිතා වන මුදල් එකක මොනවද කියල. මගේ කලින් උදහරනයෙදි ගත්ත වගේ ලංකාවේ රුපියල් නම්   forex  වලදී භාවිතා වෙන්නේ නැහැ.
අපි Forex  වලදී භාවිතා කරන්නේ  currency pairs.   ඒ කියන්නේ  USD/CAD  කිව්වොත් ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව කැනේඩියානු ඩොලරය. ඒක හරියට මම ඉසෙල්ලා උදාහරණයේදී සඳහන් කල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ලංකාවේ රුපියල් වගේ තමයි

Ex - EUR/USD =  යුරෝ එකක් මිලදී ගැනීමට යන ඇමරිකන් ඩොලර් ගණන 


 forex  වලදී වැඩියෙන්ම භාවිතා වන මුදල් එකක තමයි 
US Dollar (USD)
 Japanese Yen (JPY)
 Euro (EUR)
 British Pound (GBP)
 Canadian Dollar (CAD)
 Australian Dollar (AUD)
 Swiss Franc (CHF)
forex  වල වැඩියෙන්ම භාවිතා වන  currency pairs
US Dollar and the Japanese Yen (USD/JPY)
 Euro and US Dollar (EUR/USD)
 US Dollar and Swiss franc (USD/CHF)
 British Pound and US Dollar (GBP/USD)
මිට අමතරව තව බොහෝ මුදල් ඒකක ( රත්තරන් , රිදී , ප්ලැටිනම් ද ඇතුළුව ) භාවිතා වනවා   forex  ් trade  කරන කොට ඒ ගැන  සම්පුර්ණයෙන් ් දැනගන්න පුළුවන් වෙයි

Leverage , Lots & Pips - Lesson 3

Leverage , Lots & Pips - Lesson 3


 අද අපි කතාකරන්න යන්නේ  forex  කරද්දී අත්‍යවශ්‍යම වෙන කොටසක් ගැනයි. 
 මේ කොටස හොඳින් දන ගැනීම ඉතා ප්‍රයෝජනවත් වෙනවා .  forex  වල ඇති  currency pairs  වල අපි වඩාත්ම අවධානය කල යුතු කොටස තමයි යම් කිසි  pair  එකක ඇති 3 වන සහ හතර වෙනි දශමස්තානය මේ හතර වෙනි දශම ස්ථානයට  අපි කියන්නේ pip  කියල. 
උදා -  EUR/USD = 1.4527    තවත් විනාඩියකට පසු  EUR/USD = 1.4521      මේ වගේ දෙයක් සිද්ධ උනාම අපි කියන්නේ EUR/USD  හි අගය  pip 6  කින් අඩු වෙලා කියල.  මම කියපු දේ තේරෙන්නේ ඇති කියල හිතනවා
 forex  වලදී මේ අන්තිම දශම ස්ථානය එහෙම නැත්නම්  pip  අගය ඉතා ඉක්මනින් වෙනස් වෙනවා. මෙහි වෙනස් වීමේ අගය මත තමයි ඔබ මුදල් උපයා ගැනීමත්  තීරණය කල හැක්කේ. 

එත් මේ  pip  එකක වෙනස් වීම මත මුදල් උපයා ගන්න අපි විශාල මුදලක් යොදවන්න ඕනේ නේද ?  උදාහරණයක් ලෙස අපි ඇමරිකන් ඩොලර් 100 ආයෝජනය කලයි සිතමු   EUR/USD  = 1.4105   සිට 1.4115 අගය වැඩ වූ විට අපිට ලබාගත හැකි ලාබය ඉතාමත් සුළු අගයක්.  මේකට පිලියමක් වශයෙන් forex  වලදි අපිට ගැනු දෙනු කරන්න නිශ්චිත අගයන ටිකක් ලබාදි තිබෙනවා

Lot (Standard Lot)  100,000
Mini Lot         10,000
Micro Lot      1,000
Nano Lot       100
එතකොට  EUR/USD  Lot  එකක් මිලදී ගත්තා කියල හිතන්න.
EUR  ඒකට සාපේක්ෂව  USD  වල අගය 1.2150 නම්  අපි මිලදී ගෙන ඇති  USD  ප්‍රමාණය 1.2150 * 1000000 = 121500    

 Eur/Usd  වල අගය pip 10  කින් ඉහල ගියා   කියල  ඒ කියන්නේ  දැන්  EUR/USD = 1.2160     එවිට අපට ලැබෙන මුළු ලාභය = 121600 – 121500 = 100 $    නරක නැහැ ලාභය  
 එත් කාටහරි පුලුවන්ද  ඔච්චර වියදම් කරන්න ? පුළුවන් නම් අවුලක් නැහැ  එත් බැනේ ? 

අන්න එකට තමයි leverage  කියන ඒක තියෙන්නේ .  මොකක්ද මේ  levarage ? 
leverage  කියන්නේ  අපි ආයෝජනය කරන මුදල් ඊට වඩා වැඩි ගුනාකරයකින් වැඩි කර brokers  ල නැවත ආයෝජනය කිරීමයි. තේරුනේ නැහැ නේද ?   

අපිට Forex market  එකේ ගනුදෙනු කරන්න බ්‍රොකර්ස් ල ඕනේ වෙනවා. අපි කරන ගනුදෙනු  ඔක්කොම සිදු වෙන්නේ මේ  brokers  ල හරහා තමයි.  මේ සැම  broker  කෙනෙක්ම අපිට ලබාදෙන එක පහසුකමක් තමයි මේ  leverage  කියන ඒක. හිතන්න අපි ආයෝජනය කල මුදල 1$ කියල. එත් අපේ  broker   ඒ වෙනුවට 1000 $  යොදවනවා. අන්න ඒක තමයි  leverage  කියන්නේ. ඒක නිසා අපිට සුළු මුදලකින් ඉතා විශාල ලාභයක් ලබා ගත හැකියි. 
මේ  leverage  ඒක 1:1  සිට 1:1000   දක්වා වූ විවිධ පරාස වලින් ලබාගත හැකියි. 

මේ සම්බන්ධයෙන් තෙරුනේ  නැති දෙයක් තියනවා නම් Comment  එකකින් අහන්න  

Forex Trading ( basic) lesson 4

Forex Trading ( basic) lesson 4

මේ කොටසෙන් මම කියල දෙන්නේ යන්නේ  Forex  Trade   කරන්නේ කොහොමද කියන ඒක ගැන සරල අදහසක් විතරයි. අපිට තව ඉස්සරහට යනකොට තේරුම් ගන්න පුළුවන් වෙයි.  Market  එකේ ඉස්සරහට වෙන්න යන දේ ගැන දල අදහසක් ගන්න හැටි.  ඒ වගේම   තව market  එකේ ඉස්සරහට වෙන්න තියන දේ ගැන අපිම  predict  කරගන්නේ කොහොමද කියන එක  වගේ ගොඩක් දේවල්.

දැන් අපි බලමු අපි කොහොමද මේ  market  එකේ  trade  කරන්නේ ?  
Forex   market  එකේ  විතරක් නෙමෙයි ඕනෙම  market  එකක වෙන්න පුළුවන් දේවල් 2යි  තියෙන්නේ. එක්කෝ  price  ඒක ඉගල යන්න ඕනේ නැත්නම්  price  එල පහල යන්න ඕනේ.  එත්   Forex   market  ඒක  Stock market එකෙන්   වෙනස් වෙන  තැනක්  තියනවා . අපිට  stock market  එකේ සල්ලි හොයන්න පුළුවන් අපි ආයෝජනය කල කොටස් වල අගය ඉහළ යන විට පමණයි. එත්  Forex Market  එකේදී  එහෙම එකක් නැහැ.   මුදලේ අගය ඉහල ගියත් , පහල ගියත් අපිට  ලාබ ලබන්න පුළුවන්. 


මුදලේ අගය ඉහල යන විට    අපි ඒකට කියන්නේ  Bull Trend  එකක් කියල.

මුදලේ අගය පහල යන විට අපි ඒකට කියන්නේ  Bear Trend  එකක් කියල.


 ඕනෑම  currency pair  එකක තියනවා   Bid Rate & Ask Rate  කියල අගයන් දෙකක්. ඒ කියන්නේ ගැනුම් මිල හා විකිණුම් මිල   .  මේ අගයන්  දෙක අතර සුළු වෙනසක් තියනවා. ඒ තියන සුළු වෙනස තමයි.   broler  ගේ  profit  එක.  ( මෙහි ගැනුම් මිල යනු  broker  අපෙන් ලබා ගන්න මුදලවේ )

උදා -  EUR/USD bid rate  = 1.2562   නම්  Ask Rate = 1.2560   වගේ. ඒ කියන්නේ  අපි 1.2560  වෙද්දී  buy  order  එකක් දාල . ඒ වෙලාවෙම  close  කලොත්  order  එක  close  වෙන්නේ    අපිට  pip 2 ක් පාඩු වෙලා. අපි ඉස්සරහට  demo   account   එකෙන්  trade  කරද්දී  මේ ගැන තව තේරෙයි.    

  දැන්  අපි හිතමු  eur/usd  වල  bull trend එකක් තියෙන්නේ කියල. ඔයගොල්ලන්ට තියෙන්නේ  eur/usd යම් කිසි  ප්‍රමාණයක්   මිලදී ගන්න එකයි ( buy order).  ඒ වගේම  bear trend  එකක් තියනවා නම් කරන්න ඕනේ  Sell Order  එකක් දාන එකයි.
දැන් අපි බලමු අපිට ලාභය ලැබෙන්නේ කොහොමද කියල.
 මේ සියලුම අගයන්  broker  විසින් අපිට ගණනය කර දෙනවා. එත් මේක  දැන ගන්න එක හොඳයි.    

  Lot  එකක් කියන්නේ 100,000   කියල කිව්වා  ඔයාලට මතක  ඇති .   දැන් අපි හිතමු  bull trend  එකක් තියන වේලාවකදී .   Eur/Usd = 1.2563  විට   Eur/Usd mini lot 1ක්  buy  Order  එකක්  දැම්ම කියල.  (  leverage  එක 1:1000 )  . දැන්  මිනිත්තු කීපයකට පස්සේ   eur/usd = 1.2575  දක්වා අහල යනවා. එතකොට අපේ  profit  එක කීයද  ?
මුලින්ම බලමු  eur/usd lot  එකක්  ගන්න යන මුදල =  1.2563 * 10000 = 12563 $
( ගාන ටිකක් වැඩියි වගේ නේද ?   Leverage  එක අපේ පිහිටට එන්නේ මේ වෙලාවට )
 leverage  එක 1:1000  නිසා  අපිට  වැය කලයුතු මුදල වෙන්නේ = 12563 /1000 = 12.563 $ 
eur/usd = 1.2575  වූ විට අප මිලදී ගත් mini lot  එකේ වටිනාකම =  12575 $. දැන් අපි
දැන් බලමු අපේ ලාභය කොහොමද කියල.  12563 – 12575 = 12 $ .

ඔන්න ඔහොම තමයි   Forex  වලදී අපේ ලාභය තීරණය වෙන්නේ

. හෙට  අපි බලමු    demo account  එකකින්  trade  කරන්නේ කොහොමද කියල.

Forex Trading ( platforms ) - Lesson 5

Forex Trading ( platforms ) - Lesson 5

අද  අපි  බලමු  forex Account  එකකින්  trade  කරන්න  සුදුසුම  platform  එක මොකක්ද කියල.
ප්‍රධාන වශයෙන් ගත්තොත් platform  දෙකක් තියනවා


Web platform

E-toro  වගේ   brokers ලා  තම ගනුදෙනුකරුවන්ට ලබා දෙන්නේ මේ  platform  එක තමයි.  

වාසි  -  කිසිම software  එකක උදව්වක් නොමැතිව   web browser  එකක් හරහා ඕනෑම විටෙක  trading  කිරීමේ හැකියාව

අවාසි -  Experts Advisors  භාවිතා කල නොහැකි වීම  ,  Indicators  භාවිතා කල නොහැකි වීම.   සමහර විටෙක  trend  එක හඳුනා ගැනීමට ් අපහසු වීම... etc  

Meta Trader 4
වැඩිම  brokers ලා ගණනක් තම සේවාව සපයා දෙන්නේ මේ platform  එක හරහා 

වාසි  -  indicators & Experts Advisors  භාවිතා කිරීමේ හැකියාව , පහසුවෙන්   trend  එක හඳුනා ගැනීමේ  හැකියාව ,

අවාසි -   අවාසියක් නොමැති තරම් වේ 

      දැන් අපි බලමු මොකක්ද මේ   Meta Trader 4  කියන්නේ කියල 

  මුලින්ම මේ  meta trader 4    download  කරලා  install  කරගන්න
http://www.trading-point.com/download/platform/trading-point-mt4-setup.exe 

ඊට පසුව  meta trader 4  Open  කරගන්න. 
මුලින්ම  account එකක් හදන්න කියල  box  එකක් එයි .

එකට  ඇත්ත විස්තර දැම්මත් එකයිබොරු විස්තර දැම්මත් එකයි.  leverage 1:200  තෝරාගන්න .
 Next  කරන්න

ඊට පස්සේ මෙහෙම එකක් එයි

මේකෙන්  Insta forex  demo  තෝරාගෙන  NEXT   කරන්න



ඊට පස්සේ  password  & user Name  එයි  , ඒ  Box  එක  Finish  කරන්න.

 Meta Trader 4  වල කොටස් ගැන අනිත් කොටසෙන් කතා කරමු .

මේ සම්බන්ධයෙන්  ප්‍රශ්නයක්  තියනවා නම Comment එකකින්   අහන්න .

Using Meta Trader 4 Lesson 6

Using Meta Trader 4 Lesson 6

මෙම කොටස ඉතාමත් වැදගත් කොටසක්  , නොතේරුන යම් කිසි දෙයක් ඇත්නම්  Comment  එකකින් අහන්න. 
මීට පෙර පාඩමේදී අපි  meta trader 4  පාවිච්චි කරලා  Demo account  එකක් හදාගත්ත.  අද බලමු  meta trader 4  වල වැදගත්ම කොටසක් කිහිපයක් ගැන.


1. New Order 
මේකෙන් කරන්නේ අපි   market  එකේ තත්වය අනුව  buy order  එකක් හෝ  sell order  එකක් දැමීමට අදාළ  window  එක ඉදිරියට ගැනීමයි.   New Order  click   කල විට  ඔබට  Order window  එක දකින්න ලබෙචි. 


 Symbol -  ඔබට තෝරාගැනීමට අවශ්‍ය  currency pair  එක  තෝරාගත හැකියි. 

Volume -   ඔබට අවශ්‍ය  lot  ගණන  තෝරා ගත හැකියි. මෙය ඔබට  type  කිරීමද කල හැකි අතර එහිදී  lot 0.01 සිට -  lot 10  දක්වා පරාසයකට මිලදී ගත හැකියි. 

Stop Loss  , Take Profit  ,  Type  -  මේ ගැන ඉදිරියට  වෙනම  කතා කරනවා 

 දැන් ඔයාලට පේනවා ඇති  Sell   සහ  Buy   Orders  වලට ඉහළින අගයන් දෙකක් තියනවා.  ඒකෙන අදහස් වෙන්නේ Sell  කරනවා නම්  Sell  වෙන අගයත්  Buy  කරනවා නම්  buy වෙන අගයත්.  මේ දෙක අතර තියන වෙනස තමයි   broker  ගේ  Profit  එක.  ඒ වෙනසට අපි කියන්නේ  spread  කියල.  මෙතැනදී නම්  broker  ගේ  Spread  එක  pips 3  යි. 

2Expert Advisor

 මේක  web trading  වලින්  meta trader 4  වෙනස් වෙන තවත්   point  එකක්.   අපි ඉස්සරහට  expert advisers  හරියට පාවිච්චි කරන හැටි ගැන ඉගෙන ගන්නවා.  දැනට කෙටියෙන් මේක පැහැදිලි කරලා දෙන්නම්.   මේක නිකන්  software    එකක් වගේ. අපි  software  එක අරගෙන  Meta Trader  එකේ  දාල. මුකුත් නොකර තියන්නයි තියෙන්නේ. එතකොට එයාම   trades   open  කරලා  close  කරලා  profit   ගන්නවා. 

3.Chart Types 

 Bar Chart , Candlesticks , Line Chart   මේවා  click  කරලා බලන්න  6 න්  තියන  chart  එක වෙනස් වෙන හැටි.  එත් දැනට Candlesticks  වල chart  එක තියා ගන්න. 

4.Zoom Buttons 

 මේකෙන් කරන්නේ  chart  එක  Zoom  කරලා බලන එක 

5.Time Frames

 මේකෙන් අපිට එක එක කාලසීමාවන් වල  chart  වල සිදුවූ  වෙනස  බැලිය හැකියි. 

6  ගැන පසුවට කතා කරමු 
7. Currency Pairs 

ඔතනින් කැමති  pair  එකක් උඩ   right Click  කරලා  chart Window   click  කරල  බලන්න.   මද තියන  chart windows  වලට ඒ  chart  එක එයි. 

8. Navigator Window 

 ඔබගේ  account  එකේ විස්තර සහ ඔබට  forex   වල  භාවිතා කල හැකි  advanced tools  තියෙනේ මෙතන  මේ ගැන පසුවට කතා කරමු. දැනට මෙතන තියන කිසිම දෙයක්  chart  එකකට  attach  කරන්න එපා. 

9. Terminal Window

මෙතන ඔබගේ මුළු  profit  එක  , Open  කරලා තියන  trade  ගණන බලා ගන්න පුළුවන්.

6. Chart Windows 
මුලින්ම ඔතන තියන  EUR/USD    Chart Window  එකේ තියන  Maximize Button  එක  click  කරන්න .  දැන් F8  Click  කරන්න.  එහිදී එන   window  ඒකෙන්  පහත  ආකාරයට  Settings  වෙනස් කරගන්න. 


Bar Up - Blue 

Bar Down - Red 

Bull Candle - Blue 

Beer Candle - Red 


කැමති නම අනිත්  charts  වලත් මේ ආකාරයට  settings  වෙනස් කරගන්න. 

දැන් ඔබට පේනවා ඇති   Eur/Usd   Market  එක    Beer Trend  එකක් බව.    

පහත රුපයේ මම කහ පාටින්  mark  කර ඇති  candle  එකේදී  Sell   Order ( mini lot 1ක් ,  leverage 1:200 )   එකක්  දාල කොලපාට ට  mark  කර ඇති    ප්‍රදේශයේදී  close  කළා නම්.   ලබාගත හැකිව තිබු  profit  එක ගණනය කරන්න. 



අනිත් පාඩමෙන්    Demo Account  එකෙන්   Trade  කරමු 

Demo Account ඒකෙන් Forex Trade කරමු Lesson 7

Demo Account ඒකෙන් Forex Trade කරමු Lesson 7

අද අපි බලමු   demo Account  ඒකෙන්  Forex Trade  කරන්න.  මුලින්ම  meta trader  එක  Open  කරගන්න.

දැන්   EUR/USD  Chart  එක අරගෙන ඒකෙ  5 min , 30 min , 1H  time frame  වලින් බලල   trend  එක  හොයාගන්න.   trend  එක  bull trend  එකක් නම්  buy   orders දෙකක්    දාන්න .  Bear Trend  එකක් නම්   Sell Orders  දෙකක් දාන්න.

 එක  order  එකක් විනාඩි 30 කට පස්සේ  Close  කරන්න. අනිත්  Order  එක පැයකට පස්සේ  Close  කරන්න.     Profit  එකක්ද  Lose  එකක්ද කියල  comments Section  එකේ දාන්න

මේක  Profit  උනා කියල කව්රුත් දැන්මම  real Accoounts   වල  trade  කරන්න යන්න එපා.    


Gold , Silver , AUD/USD      Charts  අරගෙන මම කියපු විදියට    trade  කරලා.  Profit / Loss  ගැන  Comment  එකක් දාන්න

Real Account එකක් හදාගමු lesson 8

Real Account එකක් හදාගමු lesson 8


 Forex   Demo   Account  ඒකෙන්  Trade  කරන එක ඉවර  නැතත්   අද අපි  Real Account  එකක් හදමු.  එතකොට ඔබට Forex  වලින් ලාබ ලබන්න පුළුවන් වගේ තේරෙනකොට  Real Account  එකෙන් වැඩ පටන් ගන්න පුළුවන්. 


අපි  Broker  කෙනෙක් තෝරා ගන්න කලින් බලන්න ඕනේ  දේවල් ටිකක් තියනවා



  1. Broker  අපිට ලබාදෙන  minimum Deposit  එක කීයක්ද ? 
  2. EU Regulated   Company  එකක්ද ? 
  3. අපි ආයෝජනය කරන මුදල් වලට ඔවුන් වගකීම බාර ගන්නවාද ?
  4. Leverage  එක කොපමණ ලබා දෙනවාද  ? 
  5. පැය  24 ම  chat & Phone Support  ලබා දෙනවාද ?
  6. අපටම  Personal Account Manager  කෙනෙක් ලබා දෙනවාද ?
  7. ඔවුන්ගේ  Trading Softwares  මොනවාද 
  8. අපගේ මුදල් නැවත ලබාදීමේදී අපෙන් යම් කිදි මුදලක් අයකරනවාද ?
  9. අපගේ මුදල් තැන්පත් කිරීමේදී අපට  Bonus  එකක් ලබා දෙනවාද ?
  10. අපගේ මුදල් නැවත ලබා ගැනීමට කොතරම් කාලයක් ගතවනවාද ?
  11. අප තැන්පත් කරන මුදල් සක්‍රිය වීමට කොතරම් කාලයක් ගතවනවාද ?
Real account හදනකොට බොරු details දාන්න එපා . 
සල්ලි withdrawal  කරන්න ගියහම case වෙනවා ඒ නිසා  බලල හරි details දෙන්න.

මම ගොඩක්  brokers ල එක්ක වැඩ කරලා තියනවා එත් එතනින් හොඳම  Broker කියල හඳුන්වන්න පුළුවන්   https://fbs.com
.





  1. XEmarkets  අපට ලබා දෙන  Minimum Deposit අගයක් නැහැ. තමන්ට කැමති ඕනෑම ගානකින් පටන් ගන්න පුළුවන් 
  2. ඔවුන් EU Regulated  වගේම FSA (UK)  වගේම  BRAFIN  Registered එමෙන්ම ඔවුන්   120/10.  යටතේ  Cyprus  රජයේ ලියාපදිංචි  ඇත වැඩි විස්තර අවශ්‍ය නම්   www.cysec.gov.cy ලබා ගත හැකියි .
  3. යුරෝපයේ බැංකුවල ගනුදෙනුකරුවන්ගේ  මුදල් තැන්පත් කර තිබෙනවා
  4. 1:1  , සිට  1:500   දක්වා වූ පරාසයන්ගෙන්  Leverage  එක විහිදෙනවා.
  5. ඔවුන් පැය 24 ම  chat & Phone පහසුකම සපයනවා 
  6. Personal Manager  කෙනෙක් ලබාදෙනවා 
  7. Web Trader ,  සහ Meta Trader 4 ,  සහ  Android , I Phone , Blackberry යන දුරකථන සඳහාත් trading platform  ලබාදෙනවා   
  8. මුදල්  withdraw කිරීමේදී කිසිදු මුදලක් අය නොකෙරේ 
  9. පළමුවර තැන්පත් කිරීමේදී තැන්පත් මුදලෙන් 30 % ඊට පසු තැන්පත් කරන සැම වාරයකම තැන්පත් මුදලෙන් 10% ද   Bonus  මුදලක් ලබා දේ  ( මේ වන විට සුළු කාලයකට 100%  බෝනස් මුදලක් ලබාදේ)
  10. බොහෝ විට පැය 48 ඇතුලත මුදල් නැවත ලබා දේ 
  11. අප තැන්පත් කල සැනින් අපගේ ගිණුමේ මුදල් සක්‍රිය වේ 
Forex Real  Account  එකකට අපට අවශ්‍ය මොනවාද ?  





  • අපගේ නමට පැමිණි බිල්පතක් ( ලියුමක් ) හෝ  Bank Statemant එකක් ( භාෂාව ප්‍රශ්නයක් නැත )
  • අපගේ විදේශ ගමන් බලපත්‍රය ,  රියදුරු බලපත්‍රය , හැදුනුම් පත , රජයේ ආයතනයකින් photo  එකක් සහිතව නිකුත් කල ඕනෑම හැදුන්පතක් ආදියෙන් කුමක් හෝ එකක් 
ඔබ සතුව මේවා නොමැති නම් ඒවා ඇති අයෙකුගේ නමින් ලියාපදිංචි විය හැක. 





දැන්  වෙත ගොස්  Open a Real Account Click  කරන්න 





දැන් ලැබෙන ලියාපදිංචි වීමේ ෆෝරමයට  ඔබගේ සත්‍ය තොරතුරු ලබාදෙන්න.  මෙහි  


 Account Type  = micro    Account Base Currency = USD     Leverage  = 1:1000  තෝරාගන්න 





ලියාපදිංචි වූ පසු ඔබගේ    login  තොරතුරු   ඔබට  email  එකක් මගින් දන්වනු ලැබේ. එම තොරතුරු  Save කර ඔබ ළඟ  තබාගන්න. එම  email  එකේ ඇති  link  එකෙන් ඔබට  meta trader 4 software  එක Download  කර   ඔබගේ  login details  වලින්  log  වී බලන්න.  .  








මුදල් තැන්පත් කිරීම 





Memeber Area  එකට  log  වීමට  Firefox  භාවිතා කරන්න 





මුදල් තැන්පත් කිරීමට ඔබට  Credit Card ,  Moneybookers .com , Liberty Reserve , Net Letter , Bank deposit  යන මාධ්‍යන් භාවිතා කල හැක.  මෙයින් ඔබට  Credi Card  එකක් නොමැති නම් සම්පත් බැංකුවෙන්  Web Card එකක් ලබාගත හැක.   ඔබට මුදල් නැවත ලබා ගන්න ලේසිම  ක්‍රමය  Moneybookers.com  වුවත් ඔවුන් ඔස්සේ  මුදල් . තැන්පත් කිරීමේදී හා ලබාගැනීමේදී සුළු මුදලක්  moneybookers  විසින් අය කරනු ලැබේ. . 





ඔබගේ  login  details  භාවිතා කර ඔවුන්ගේ  member Section  එකට  log  වී ඔබට මුදල්  deposit කල හැක.





Account Validation 





Memeber Area  එකට  log  වීමට  Firefox  භාවිතා කරන්න


Account Validation අවශ්‍ය වන්නේ ඔබ තැන්පත් කල මුදල් නැවත ලබාගැනීමට වේ.  Account  validation  නොමැතිව  trading  කල හැකි අතර නැවත මුදල් ලබා ගන්න කාලය වන විට  Account Vadidate වී ඇත්නම් ප්‍රමාණවත්ය. 











 ඔබගේ නමට පැමිණි බිල් පතේ හෝ  bank Statemant  එකෙහි  photo  එකක් ගෙන හෝ  Scan  හෝ කරගන්න.  





ඔබගේ  විදේශ ගමන් බලපත්‍රය ,  රියදුරු බලපත්‍රය , හැදුනුම් පත , රජයේ ආයතනයකින් photo  එකක් සහිතව නිකුත් කල ඕනෑම හැදුන්පතක් ආදියෙන් කුමක් හෝ එකක්  Scan  හෝ photo  එකක් ගන්න 





( අපගේ ජාතික හැදුන්පත යොදා ගන්නවා නම් පමණක් ජාතික හැදුන්පතේ පැති දෙකම  Scan  කර හෝ photo  එකක් ගෙන.  photoshop  වැනි මෘදුකාංගයක් භාවිතා කර එකම Photo  දෙක එක්කර යවන්න )  





website  එකට  Log  වී   Upload Documents  Tab  එකට ගොස් 





PROOF OF IDENTITY: සඳහා ඉහත 1 හි සඳහන් කල දේවලින් එකක්   Upload  කරන්න 





PROOF OF RESIDENCY: සඳහා  ඉහත 2 හි සඳහන් කල දේවලින් එකක්   Upload  කරන්න.

Pending Orders යෙදීම Lesson - 09

Pending Orders යෙදීම Lesson - 09

හෙට පටන් මේ බ්ලොග් එකට ලිපි ලියන්න "Source Code" කියල  තවත්  යාලුවෙක් එකතු වෙනවා.    

අද  අපි බලමු  forex  කරද්දී අපට අතවශ්‍යම වන කොටසක් වන  pending Orders  ගැන  

මොකක්ද මේ  Pending Orders  කියන්නේ   ?   


Forex  කරන කොට අපිට  පැය 24 ම PC  එකේ  chart  බලාගෙන ඉන්න බැනේ. එහෙම කරන්න ඕනෙත් නැහැ. මේ  Pending Orders  දාල අපිට ඉස්සරහට වෙන්න තියන  price Movment  එකකට  Buy & Sell Orders  දාන්න පුළුවන්.  තේරුනේ නැහැ නේද ?    අපි උදාහරණයක් බලමු. 

 මේ වෙනකොට  EUR/USD = 1.2500   ඉස්සරහට  මේ  Price  එක 1.2520    වෙනස් වෙනකොට ලොකු  beer Trend  එකක්  කියන්නේ මුදලේ අගය අඩුවීමක් වෙයි කියල ඔබ  හිතනවා නම් ඔබට කරන්න තියෙන්නේ 1.2520  ට  Sell Stop  එකක් දාන එක විතරයි. එතකොට  ඔබ පරිගණකය ක්‍රියාත්මක කර තිබුනත් නැතත් 1.520 වෙද්දී order  එකක් වැටෙනවා.  


 Pending Orders  දාන්නේ කොහොමද ?  

  Meta Trader 4  වල  New Order   click  කර අදාල Window  එක  Open  කරගන්න. 

දැන් පහත රුපයේ පරිදි  menu  එකක් ඔබට ලැබේවි

 එහි  type   වලින්  pending Orders   Select  කර ගන්න. 
දැන් ඔබට  Option  හතරක් ලැබේවි.  buy stop , Buy limit   Sell Stop , Sell Limit 

Buy stop & Buy Limit 

buy stop  යෙදිය යුත්තේ ඔබ භාවිතා කරන  Currency pair එක  පහලට පැමිණීමේදී මිලදී ගැනීමට වේ Buy limit  යෙදිය යුත්තේ   currency pair  එක පහල සිට ඉඅහලට පැමිණීමේදී මිලදී ගැනීමට වේ. 

උදාහරණ -   EUR/USD  වල  Price  එක දැන් 1.2000  ඔබ හිතනවා මේක 1.2200 දක්වා ඉහල ගියොත්  තව බොහෝ දුර ඉහල යයි කියල. ඔබට කරන්න  තියෙනේ   Buy Stop   Order  එකක් 1.220  දාන එක. 

 EUR/USD  වල  Price  එක දැන් 1.2500  ඔබ හිතනවා මේක 1.2400 දක්වා පහල  ගියොත්  ලොකු   Uptrend  එකක් එයි කියල . ඔබට කරන්න  තියෙනේ   Buy Limit  Order  එකක් 1.2400  දාන එක.  


 Sell Stop & Sell Limit 

 EUR/USD  වල  Price  එක දැන් 1.2100  ඔබ හිතනවා මේක 1.2000 දක්වා පහල  ගියොත්  තව බොහෝ දුර පහල යයි කියල. ඔබට කරන්න  තියෙනේ  Sell Stop    Order  එකක් 1.2000  දාන එක.  


 EUR/USD  වල  Price  එක දැන් 1.2300  ඔබ හිතනවා මේක 1.2350 දක්වා ඉහල   ගියොත් Down Trend  එකක් එයි  කියල. ඔබට කරන්න  තියෙනේ  Sell Limit    Order  එකක් 1.2350  දාන එක..



මේ සම්බන්ධයෙන් මොකක් හරි ප්‍රශ්නයක්  තියනවා නම්  comment  එකකින් අහන්න. 

Next Lesson - Forex හි මුදල් යෙදවිය යුතු වේලාවන් සහ නොයෙදිය යුතු වේලාවන්   From "Source Code "

EUR/USD , Gold Prediction 10

EUR/USD , Gold Prediction 10


අද දිනය තුල   EUR/USD   BUll Trend  එකක් පැමිණිය හැකි අතර 1.2934 සීමාව පසුකල හොත් 1.2982  සීමාව දක්වා පැමිණීමට බොහෝ ඉඩක් ඇත    Beer Trend  එකක් පැමිණියහොත් 1.2883 , 1.2774 යන සීමාවන් තුල   trend  එක මාරු චිමට ඉඩ ඇත.  

Gold

 ඊයේ දිනයේ මාත් , Source Code   අතරත් පැවති   පැයක පමණ පැවති වාදයකින් පසුව අප දෙදෙනා දෙදෙනා  Gold  වලට වෙනම නිගමයන් දෙකකට පැමිණියහ. 

  Source Code  ට අනුව 1678 දක්වා ඉහලට  පැමිණ නැවත 1659 වැනි අගයකට පහලට  පැමිණේ.  

මාගේ  අදහසට අනුව   අනුව
  දිගටම  Uptrend  එකෙන් 1685 - 1695 පසුකල්හොත්  1750+ වැනි අගයක් දක්වා මේ සතිය තුල  Uptrend  එක පැවතීමට ඉඩ ඇත.  එසේ නොමැති නම් 1675 - 1685  අතර අගයකදී  ලොකු  down trend  එකක් ඇතිවීමට ඉඩ ඇත,

EUR/USD , Gold Prediction

EUR/USD , Gold Prediction


අද දිනය තුල   EUR/USD   BUll Trend  එකක් පැමිණිය හැකි අතර 1.2934 සීමාව පසුකල හොත් 1.2982  සීමාව දක්වා පැමිණීමට බොහෝ ඉඩක් ඇත    Beer Trend  එකක් පැමිණියහොත් 1.2883 , 1.2774 යන සීමාවන් තුල   trend  එක මාරු චිමට ඉඩ ඇත.  

Gold

 ඊයේ දිනයේ මාත් , Source Code   අතරත් පැවති   පැයක පමණ පැවති වාදයකින් පසුව අප දෙදෙනා දෙදෙනා  Gold  වලට වෙනම නිගමයන් දෙකකට පැමිණියහ. 

  Source Code  ට අනුව 1678 දක්වා ඉහලට  පැමිණ නැවත 1659 වැනි අගයකට පහලට  පැමිණේ.  

මාගේ  අදහසට අනුව   අනුව
  දිගටම  Uptrend  එකෙන් 1685 - 1695 පසුකල්හොත්  1750+ වැනි අගයක් දක්වා මේ සතිය තුල  Uptrend  එක පැවතීමට ඉඩ ඇත.  එසේ නොමැති නම් 1675 - 1685  අතර අගයකදී  ලොකු  down trend  එකක් ඇතිවීමට ඉඩ ඇත,

Forex හි මුදල් යෙදවිය යුතු වේලාවන් සහ නොයෙදිය යුතු වේලාවන්- Lesson 11

Forex හි මුදල් යෙදවිය යුතු වේලාවන් සහ නොයෙදිය යුතු වේලාවන්- Lesson 11

අපි මේ වෙනකොට Forex වල මුලික දේවල් ගැන කියා දීල තියෙනව. ඒ පාඩම් ටික කියෙව්ව කෙනෙක්ට Forex මාර්කට් එක හැසිරෙන්නේ කොහොමද, Trend එක ගැන දල අදහසක් ගන්න, Trade කරන්න, Stop Loss සහ Take Profit පාවිච්චි කරන හැටි වගේ මුලික දැනුමක් දැන් තියෙනව.

අපි දැන් හදන්නේ කොහොමද අඩුම වෙලාවකින්, අඩුම Loss එකකින් Forex වලින් Trade කරන්නේ කියන දේ ගැන ටිකක් කතා කරන්න. මේ කාරණාවේදී වැදගත් සාදක කීපයක් තියෙනවා .



  • Trade කල යුතු වේලාවන්
  • මුදල් පාලනය කිරීම
  • Trend එක හරියටම අදුන ගැනීම (Tools භාවිතයෙන්)
මේ දේවල් හැම එකක්ම සාර්ථක Forex Trader කෙනෙක් වෙන්නනම් දැනගන්න ඕන. තමන්ට හිතෙන හිතෙන විදියට Trade කලොත් අපේක්ෂිත ලාභය ගන්න බැහැ. අපි දවසින් දවස කියා දෙනවා නොමිලේම කොහොමද සාර්ථක Forex Trader කෙනෙක් වෙන්නේ කියල.

අද Post එක දාන්නේ කොහොමද Trade කරන්න හොදම වෙලාව හොයාගන්නේ කියල.




මේ පාඩම් මාලාවේ මුල්ම පාඩම් වල කියල ඇති Forex මාර්කට් එක පැය 24 Open කියල. ඒ වගේම Weekend එකේ Close කියලත්.

ලෝකේ කලාප 4 ක තියෙන මාර්කට් වලින් තමයි Forex  Tradings සිද්ද වෙන්නේ. මේ මාර්කට් අරින්නේ එක එක වෙලාවල් වලට. පහත වගුවෙන් පෙන්නනවා එක එක මාර්කට් එකේ Open Time එක සහ Close Time එක.






(අපේ වේලාවට අනුව බලාගන්න පැය 5.30 ක් මේ වේලාවන් වලට එකතු කරන්න)





කොහොමද තීරණේ කරන්නේ Trade කරන වෙලාව ?





දැනටමත් Trade කරන අය දන්නවා ඇති හැම Pair එකක්ම හැම වෙලාවේම Active නැහැ කියල. Pair එකක් Active වෙන්න සාධක කීපයක් තියෙනවා. එයින් වැදගත්ම 2 ක් තමයි




  • Open මාර්කට් Sessions
  • Correlation
Open මාර්කට් Sessions

මෙයින් අදහස් වෙන්නේ, Open කරලා තියෙන මාර්කට් එක අනුව ඒ රටට අදාල මුදල් වර්ගය Active වීමේ සම්භාවිතාවක් තියෙනවා කියන එක.

උදා: 1.00 pm - 10.00 pm වෙලාවේදී NewYork මාර්කට් එක Open නිසා USD අගය ඉක්මනින් වෙනස් වෙන්න පුළුවන්.





හරියට Session එක අදුනගෙන Trade කරනවානම් ගොඩක් වෙලා කාලය කන්න ඕන නැහැ. සමහර pairs වලට Trade කරලා පැය ගණක උන්නත් හොද Profit එකක් ගන්න බැරි අන්න එක නිසයි.




ඒ වගේම තවත් අවස්ථාවන් තියෙනවා මාර්කට් Session 2 ක් Overlap වෙන. ඒ කියන්නේ එකම වෙලාවේ Sessions කීපයක් Open.





උදා: 1.00 pm - 5.00 pm කාලයේදී London සහ NewYork session දෙකම Open. එක නිසා Eur/USD,


GBP/USD වැනි pairs ගොඩක් Active.





මේ Software ඒකෙන් මේ වෙලාවේ ඔයාගේ වෙලාවට අනුව Open Sessions බලාගන්න පුළුවන්.







Correlation





මේකෙන් අදහස් වෙන්නේ, සමහර Pairs වල Trend එක තවත් Pair එකක Trend එක අනුව වෙනස් වීමේ සම්භාවිතාව.







උදා: Eur/USD pair එකේ Trend එකට අනුකුලව Eur/GBP, Eur/JPY, USD/CHF වගේ Trends විචලනය වෙනවා.





මේ වෙනස් වීමේ හැකියාව දැනගන්න Currency Correlation Table එක බලන්න. FXColleration කියන තැන වරහන් ඇතුලේ තියෙන Table view click කරන්න. දැන් Table එකක් පෙන්නාවී, Currency correlations for කියන තැනින් ඕන කරන Pair එක Select කරන්න එතකොට ඒ Pair එකේ බලපෑම අනිත් Pair වලට බලපාන හැටි Table ඒකෙන


පෙන්නාවි.

Table එකේ අගය + අගයක්නම් ඒකෙන කියන්නේ ඔයාල select කරපු  Pair එකේ Trend එකේ Direction එකටමයි ඒ අදාල Pair එකෙත් චලනය වීමේ සම්භාවිතාව තියෙන්නේ. උපරිම + අගය 1. + අගය අඩු වෙන්න අඩු වෙන්න Trend එක එම දිශාවටම චලනය වීමේ සම්භාවිතාව අඩු වෙනවා.


Table එක - අගයක්නම් ඒ කියන්නේ ඔයාල select කරපු Trend එකට විරුද්ධ පැත්තටයි ඒ අදාල Trend එක ගමන්




කරන්නේ. උපරිම - අගය -1.


අගය 0 නම් ඒ Pair දෙක අතර Relationship එකක් නැහැ.





උදා:



  • 1 Week Time Frame එකට අනුව EUR/USD Pair එකත් එක්ක EUR/GBP Pair එකේ අගය 0.96 යි. ඒ කියන්නේ EUR/USD Pair එක Bull Trend වෙනකොට EUR/GBP Trend එකත් UP Trend එකක් වීමේ සම්භාවිතාව වැඩියි.(96%)
  • නමුත් USD/CHF Pair එක -0.96 යි. ඒ කියන්නේ EUR/USD Trend එක UP වෙද්දී USD/CHF Pair එක Bear Trend එකක් වීමේ සම්භාවිතාව වැඩියි.(96%)
(මෙවැනි අවස්ථාවක Pairs දෙකකට වැඩියෙන් Trade කිරිමෙදී සැලකිලිමත් වෙන්න. වෙනස් Trends පවතින Pairs වලට එකවර සමාන Trade කරන්න එපා. උදා: EUR/USD Up Trend එකක් තියෙන වෙලාවේදී EUR/USD වලට Buy Order එකක් දාල EUR/CHF වගේ එකම Trend එකක් තියෙන Pair එකකට Sell Order දාන්න එපා.)



මිට අමතරව අගහරුවාද,බදාදා සහ බ්‍රහස්පතින්දා දිනවලදී සදුදා සහ සිකුරාදා දිනවලට වඩා හොද වෙළද පොලක් දැකගන්න පුළුවන්.

Trade කිරීම සදහා හොදම වෙලාව තොර ගන්න. මෙම කරුණු එහිදී ඔබට වැදගත් වේවි. මෙම කරුණු වලට අනුව ඔබ තෝරාගන්න වෙලාව සුදුසු නොමැතිනම්, Trade කිරීමෙන් වලකින්න. නැතිනම් ඔබගේ මුදල් වලට තියෙන Risk එකද වැඩියි.

මේ පාඩමෙන් ගොඩක් වැදගත් දෙයක් තමයි අපි කියා දුන්නේ. කවුරු හරි හිතනවානම් මේවා වැදගත් නැහැ, මේ වෙලාවේ තියෙන Trend එකට Orders Place කරන්නයි ඕන කියල, ඔහුට පහත රුපයේ පෙන්නන 90% දෙනා අතරට තමයි යන්න වෙන්නේ.
හොද Trader කෙනෙක් වෙන්න Forex ගැන ඉගෙනීම ගොඩක් වැදගත්. මේ පාඩම් ඔබට වැදගත්නම් හෝ ඔබට උපකාරී උවානම් Comment කරලා යන්නත් අමතක කරන්න එපා.

Next Lesson  : ප්‍රශ්න සහ පිළිතුරු From "learn forex in Sinhala"