Tuesday, September 6, 2016

Forex Trading ( basic) lesson 4

Forex Trading ( basic) lesson 4

මේ කොටසෙන් මම කියල දෙන්නේ යන්නේ  Forex  Trade   කරන්නේ කොහොමද කියන ඒක ගැන සරල අදහසක් විතරයි. අපිට තව ඉස්සරහට යනකොට තේරුම් ගන්න පුළුවන් වෙයි.  Market  එකේ ඉස්සරහට වෙන්න යන දේ ගැන දල අදහසක් ගන්න හැටි.  ඒ වගේම   තව market  එකේ ඉස්සරහට වෙන්න තියන දේ ගැන අපිම  predict  කරගන්නේ කොහොමද කියන එක  වගේ ගොඩක් දේවල්.

දැන් අපි බලමු අපි කොහොමද මේ  market  එකේ  trade  කරන්නේ ?  
Forex   market  එකේ  විතරක් නෙමෙයි ඕනෙම  market  එකක වෙන්න පුළුවන් දේවල් 2යි  තියෙන්නේ. එක්කෝ  price  ඒක ඉගල යන්න ඕනේ නැත්නම්  price  එල පහල යන්න ඕනේ.  එත්   Forex   market  ඒක  Stock market එකෙන්   වෙනස් වෙන  තැනක්  තියනවා . අපිට  stock market  එකේ සල්ලි හොයන්න පුළුවන් අපි ආයෝජනය කල කොටස් වල අගය ඉහළ යන විට පමණයි. එත්  Forex Market  එකේදී  එහෙම එකක් නැහැ.   මුදලේ අගය ඉහල ගියත් , පහල ගියත් අපිට  ලාබ ලබන්න පුළුවන්. 


මුදලේ අගය ඉහල යන විට    අපි ඒකට කියන්නේ  Bull Trend  එකක් කියල.

මුදලේ අගය පහල යන විට අපි ඒකට කියන්නේ  Bear Trend  එකක් කියල.


 ඕනෑම  currency pair  එකක තියනවා   Bid Rate & Ask Rate  කියල අගයන් දෙකක්. ඒ කියන්නේ ගැනුම් මිල හා විකිණුම් මිල   .  මේ අගයන්  දෙක අතර සුළු වෙනසක් තියනවා. ඒ තියන සුළු වෙනස තමයි.   broler  ගේ  profit  එක.  ( මෙහි ගැනුම් මිල යනු  broker  අපෙන් ලබා ගන්න මුදලවේ )

උදා -  EUR/USD bid rate  = 1.2562   නම්  Ask Rate = 1.2560   වගේ. ඒ කියන්නේ  අපි 1.2560  වෙද්දී  buy  order  එකක් දාල . ඒ වෙලාවෙම  close  කලොත්  order  එක  close  වෙන්නේ    අපිට  pip 2 ක් පාඩු වෙලා. අපි ඉස්සරහට  demo   account   එකෙන්  trade  කරද්දී  මේ ගැන තව තේරෙයි.    

  දැන්  අපි හිතමු  eur/usd  වල  bull trend එකක් තියෙන්නේ කියල. ඔයගොල්ලන්ට තියෙන්නේ  eur/usd යම් කිසි  ප්‍රමාණයක්   මිලදී ගන්න එකයි ( buy order).  ඒ වගේම  bear trend  එකක් තියනවා නම් කරන්න ඕනේ  Sell Order  එකක් දාන එකයි.
දැන් අපි බලමු අපිට ලාභය ලැබෙන්නේ කොහොමද කියල.
 මේ සියලුම අගයන්  broker  විසින් අපිට ගණනය කර දෙනවා. එත් මේක  දැන ගන්න එක හොඳයි.    

  Lot  එකක් කියන්නේ 100,000   කියල කිව්වා  ඔයාලට මතක  ඇති .   දැන් අපි හිතමු  bull trend  එකක් තියන වේලාවකදී .   Eur/Usd = 1.2563  විට   Eur/Usd mini lot 1ක්  buy  Order  එකක්  දැම්ම කියල.  (  leverage  එක 1:1000 )  . දැන්  මිනිත්තු කීපයකට පස්සේ   eur/usd = 1.2575  දක්වා අහල යනවා. එතකොට අපේ  profit  එක කීයද  ?
මුලින්ම බලමු  eur/usd lot  එකක්  ගන්න යන මුදල =  1.2563 * 10000 = 12563 $
( ගාන ටිකක් වැඩියි වගේ නේද ?   Leverage  එක අපේ පිහිටට එන්නේ මේ වෙලාවට )
 leverage  එක 1:1000  නිසා  අපිට  වැය කලයුතු මුදල වෙන්නේ = 12563 /1000 = 12.563 $ 
eur/usd = 1.2575  වූ විට අප මිලදී ගත් mini lot  එකේ වටිනාකම =  12575 $. දැන් අපි
දැන් බලමු අපේ ලාභය කොහොමද කියල.  12563 – 12575 = 12 $ .

ඔන්න ඔහොම තමයි   Forex  වලදී අපේ ලාභය තීරණය වෙන්නේ

. හෙට  අපි බලමු    demo account  එකකින්  trade  කරන්නේ කොහොමද කියල.

No comments: