Leverage , Lots & Pips - Lesson 3


 අද අපි කතාකරන්න යන්නේ  forex  කරද්දී අත්‍යවශ්‍යම වෙන කොටසක් ගැනයි. 
 මේ කොටස හොඳින් දන ගැනීම ඉතා ප්‍රයෝජනවත් වෙනවා .  forex  වල ඇති  currency pairs  වල අපි වඩාත්ම අවධානය කල යුතු කොටස තමයි යම් කිසි  pair  එකක ඇති 3 වන සහ හතර වෙනි දශමස්තානය මේ හතර වෙනි දශම ස්ථානයට  අපි කියන්නේ pip  කියල. 
උදා -  EUR/USD = 1.4527    තවත් විනාඩියකට පසු  EUR/USD = 1.4521      මේ වගේ දෙයක් සිද්ධ උනාම අපි කියන්නේ EUR/USD  හි අගය  pip 6  කින් අඩු වෙලා කියල.  මම කියපු දේ තේරෙන්නේ ඇති කියල හිතනවා
 forex  වලදී මේ අන්තිම දශම ස්ථානය එහෙම නැත්නම්  pip  අගය ඉතා ඉක්මනින් වෙනස් වෙනවා. මෙහි වෙනස් වීමේ අගය මත තමයි ඔබ මුදල් උපයා ගැනීමත්  තීරණය කල හැක්කේ. 

එත් මේ  pip  එකක වෙනස් වීම මත මුදල් උපයා ගන්න අපි විශාල මුදලක් යොදවන්න ඕනේ නේද ?  උදාහරණයක් ලෙස අපි ඇමරිකන් ඩොලර් 100 ආයෝජනය කලයි සිතමු   EUR/USD  = 1.4105   සිට 1.4115 අගය වැඩ වූ විට අපිට ලබාගත හැකි ලාබය ඉතාමත් සුළු අගයක්.  මේකට පිලියමක් වශයෙන් forex  වලදි අපිට ගැනු දෙනු කරන්න නිශ්චිත අගයන ටිකක් ලබාදි තිබෙනවා

Lot (Standard Lot)  100,000
Mini Lot         10,000
Micro Lot      1,000
Nano Lot       100
එතකොට  EUR/USD  Lot  එකක් මිලදී ගත්තා කියල හිතන්න.
EUR  ඒකට සාපේක්ෂව  USD  වල අගය 1.2150 නම්  අපි මිලදී ගෙන ඇති  USD  ප්‍රමාණය 1.2150 * 1000000 = 121500    

 Eur/Usd  වල අගය pip 10  කින් ඉහල ගියා   කියල  ඒ කියන්නේ  දැන්  EUR/USD = 1.2160     එවිට අපට ලැබෙන මුළු ලාභය = 121600 – 121500 = 100 $    නරක නැහැ ලාභය  
 එත් කාටහරි පුලුවන්ද  ඔච්චර වියදම් කරන්න ? පුළුවන් නම් අවුලක් නැහැ  එත් බැනේ ? 

අන්න එකට තමයි leverage  කියන ඒක තියෙන්නේ .  මොකක්ද මේ  levarage ? 
leverage  කියන්නේ  අපි ආයෝජනය කරන මුදල් ඊට වඩා වැඩි ගුනාකරයකින් වැඩි කර brokers  ල නැවත ආයෝජනය කිරීමයි. තේරුනේ නැහැ නේද ?   

අපිට Forex market  එකේ ගනුදෙනු කරන්න බ්‍රොකර්ස් ල ඕනේ වෙනවා. අපි කරන ගනුදෙනු  ඔක්කොම සිදු වෙන්නේ මේ  brokers  ල හරහා තමයි.  මේ සැම  broker  කෙනෙක්ම අපිට ලබාදෙන එක පහසුකමක් තමයි මේ  leverage  කියන ඒක. හිතන්න අපි ආයෝජනය කල මුදල 1$ කියල. එත් අපේ  broker   ඒ වෙනුවට 1000 $  යොදවනවා. අන්න ඒක තමයි  leverage  කියන්නේ. ඒක නිසා අපිට සුළු මුදලකින් ඉතා විශාල ලාභයක් ලබා ගත හැකියි. 
මේ  leverage  ඒක 1:1  සිට 1:1000   දක්වා වූ විවිධ පරාස වලින් ලබාගත හැකියි. 

මේ සම්බන්ධයෙන් තෙරුනේ  නැති දෙයක් තියනවා නම් Comment  එකකින් අහන්න  

No comments: