මොනවද මේ Forex Power Hours කියන්නේ?

මේ දවස් වල ගොඩක් දෙනෙක් උනන්දු මාතෘකාවක් තමයි Forex කියන්නේ. මතකනේ කාලයක් E-money ගැන පංති ආවා. දැන් ඔන්න Forex පංතිත් පටන් අරන්. ඒත් ඉතින් මම නම් ඕවා කියලා දෙන්නේ නිකන් නොවැ.
..:: හික්ස් ::..
අපේ වැඩකිඩ Contact Form එකෙන් කෙනෙක් අහලා තිබුණා Forex කරන්න හොඳම කාලය මොකක්ද කියලා. ඒ නිසා තමයි මං හිතුවේ අනිත් අයටත් දැන ගන්න මේ ගැන දාන එක හොඳයි කියලා.


Forex වලදි හොඳම කාලය කියලා එකක් නෑ ඉතින්. Loss වෙන්නෙ නැතුව Trade කරනකන් ඒක තමයි හොඳම කාලය. ඒත් Forex Market එකේ Liquidity Hours වලදි Trade කරොත් Profit එක Maximize කරගන්න පුලුවන්. මෙන්න මෙතනදි තමයි Power Hours කියන දේ වැදගත් වෙන්නේ. කෙටියෙන්ම කියනවනම් මේකෙන් කියන්නේ Volume සහ Volatility කියන සංකල්ප දෙක ගැන.


Power Hours වලදි මේ Volume සහ Volatility කියන සංකල්ප දෙක උපරිමය කරා ලං වෙනවා. High Volume කියන්නේ විවිධ Currency Pairs ඉතා විශාල වශයෙන් ගැනීම හා විකිණීම. High Volatility කියන්නේ ඉතාමත් වේගයෙන් මිල උච්චාවචනය වීම. මෙන්න මේ Power Hours හැදිලා තියෙන්නේ ගොඩක් වෙලාවට European (London) Session එක හා US (New York) Session ආරම්භ වන හා අවසාන වන කාල වලදී. පහළ තියෙන්නේ Power Hours වේලාවන්


GMT වලින් නම්,
European (London) Session - 06.00 - 14.00
US (New York) Session - 12.00 - 19.00

‍ශ්‍රී ලංකාවේ වෙලාවෙන් නම්,
European (London) Session - 11.30 am - 7.30 pm
US (New York) Session - 5.30 pm - 0.30 am


මෙන්න මේ Power Hours වලදී පහත තියෙන Pairs වලින් ලාභ ලබන්න පුලුවන්.
  • EUR/USD
  • USD/CHF
  • USD/CAD
  • GBP/JPY
  • GBP/CHF 
Power Hours වලදී ගොඩක්ම වැදගත් වෙන්නේ Hot Zone එක. ඒ කියන්නේ European (London) Session එක හා US (New York) Session එක Overlap වෙන කාලය. කෙටියෙන්ම කියනවනම් European (London) Session එක අවසන් වන හා US (New York) Session එක ආරම්භ වන වේලාවන් අතර කාලය. (ලංකාවේ වෙලාවෙන් නම් 5.30 pm - 7.30 pm අතර කාලය.)


මීට අමතරව USD/JPY Pair එක ගැන උනන්දු අයට Liquidity වැඩි වෙන්නෙ Asian Session එකේදි.

GMT වලින් නම්, 
Asian Session - 22.00 - 06.00

‍‍ශ්‍රී ලංකාවේ වෙලාවෙන් නම්,

Asian Session - 3.30 am - 11.30 am


Forex Market එක අඩුවෙන්ම Active වෙලාව තමයි European - Asian Sessions Overlap වෙන කාලය. මේ වෙලාවෙ තමයි Professional Traders ලා පොඩි නින්දක් දාන්නේ. ඒ නිසා මේ වෙලාවට කියනවා Cold Zone කියලා. මේ වෙලාවෙ Trade කරන එක ටිකක් අනතුරුදායකයි මොකද Price Movements ගොඩක්ම අඩු නිසා.

No comments: