Tuesday, September 6, 2016

Forex සිංහලෙන් ඉගෙනගමු -Lesson 1

Forex සිංහලෙන් ඉගෙනගමු -Lesson 1

න්තර්ජාලයේ මුදල් ඉපයීමේ සුපිරි රහස කියල ගොඩක් අය forex හඳුන්වන්නේ. මේ කතාවේ වැරැද්දකුත් නැහැ .

දැන් අපි බලමු මේ forex කියන්නේ මොකක්ද කියල , ඔයගොල්ලෝ අහල ඇති stock market ඒක ගැන . අන්න ඒ වගේ එකක් තමයි forex market ඒක කියන්නේ. වෙනස තියෙන්නේ stock market එකේ අලෙවි වන්නේ සමාගම් කොටස් උනාට forex market එකේ අලෙවි වන්නේ මුදල්. . එච්චරම පැහැදිලි නැහැ නේද ?
 forex කියන්නේ Forgien Exchange කියන වචන දෙකෙන් හැදුන තනි වචනයක් (  ලෝකේ තියන ලොකුම  market   ඒක තමයි Forex   කියන්නේ ). දැන් අපි බලමු forex trade කරන්නේ එහෙම නැත්නම් සල්ලි විකුනන්නේ කොහොමද කියල ? .
දැන් හිතන්න ඇමරිකන් ඩොලර් එකක මිල රුපියල් 100 කියල. අපි රුපියල් 1000 දීල අද ඇමරිකන් ඩොලර් 10ක් ගන්නවා . තව පැය කිහිපයකට පස්සේ ඒක පාරට ඇමරිකන් ඩොලර් එකක මිල රුපියල් 115 වෙනවා. එතකොට අපි කරන්නේ අපි ගාව තිබුන ඩොලර් 10 දීලා ඒවා ආයිත් රුපියල් බවට පත් කරගන්නවා. එතකොට අපිට ලැබෙන මුදල 115 * 10 = 1150 ඒ කියන්නෙ රුපියල් 150ක ලාබයක්. ඔන්න ඔය දේ තමයි අපි forex කියල කරන්නේ. මම හිතනවා forex ගැන දල අදහසක් ලැබුනා කියල.





.

දැන් කස්ටිය හිතනවා ඇති ක්‍රමය තේරුනාට මේකෙන් විශාල මුදලක් හොයන්න මුදලේ ලොකු වැඩිවීමක් සමග අප ආයෝජනය කලයුතු මුදල් ප්‍රමාණයත් වැඩිවිය යුතුයි. එහෙම නැත්නම් වැඩක් නැහැ කියල. බය වෙන්න එපා අපි ලොකු මුදලක් ආයෝජනය කරන්න ඕනේ නැහැ. අනිත් පාඩම් ටික යද්දී ඒක තේරෙයි

No comments: